⚔අටවන කොටස⚔

382 81 53
                                    

හැමෝටම සාමය සතුට සපිරි සුභම සුභ නත්තලක් වේවා......💚💚❤️❤️ ❄️❄️☃️☃️

💚💚💚💚💚💚❤️❤️❤️❤️❤️

💚💚💚💚💚💚❤️❤️❤️❤️❤️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


.

.


.

"ආ.... ලාන් චාන්...... ඔබත් පැමිණියේ..... අප සමඟ ක්‍රීඩා කිරීමට ද....."

කුටියේ දොරටුව අසල සිටින දෙවෙනි කුමරුන් දෙස බලා වෙයි යින් සිනාමුසු මුහුණින් පැවසුවේය. නමුත් දෙවැනි කුමරුන් නම් වදනක් හෝ කතා නොකර සිටි අතර තම සොහොයුරාගේ මුහුණේ තිබෙන හැඟීම් කියවා ගත නොහැකි වූ කිරුළ හිමි කුමරු විගසින් ඉදිරියට පැමිණියේය.

"ආ... මේ... වංජි... ඔබත් පැමිණියද... මා මේ පිටව යාමට සූදානම් වූයේ... මට දැන්නේ සිහිපත් වූයේ පියතුමා මා හට විශේෂ සාකච්ඡාවකට පැමිණෙන්නැයි පැවසුවා නේ..... නේද ජින් වූ"

" කිරුළ හිමි කුමරුනි මට එවැන්නක් මතක නැහැ නේ....."

"අයියෝ... අර අර වේලාවේ ඔබ පැවසුවේ...."

කිරුළ හිමි කුමරු තම ආරක්ෂකයා දෙස බලා සංඥා කරමින් පැවසුවේය.

"ආ... මේ... මේ.... එසේයි කුමරුනි..... මට දැන්නෙ සිහිපත් වූයේ.... අප දැන් විගසින් යා යුතුයි නේ...."

"ඒකනේ... වංජි... මා පිටවෙනවා මා පසුව ඔබ හමුවෙන්නම්."

කිරුළ හිමි කුමරු ඉක්මනින් කුටියෙන් පිටතට තම ආරක්ෂකයා සමග ඇවිද ගියේ දෙවෙනි කුමරුන්ගෙන් ගැලවීම සඳහාය.

"යා.... මා එනතුරු සිටින්න අයියණ්ඩි මටත් සවස් යාමයේ තිබෙන දේශන සඳහා සූදානම් වීමට යා යුතුයි. මාත් පිටවෙනවා වෙයි අයියණ්ඩි. ඔබට දෙවියන්ගේ...ම පිහිටයි. වංජි අයියණ්ඩි මා පිට වෙනවා."

FOREVER 💙❤️Where stories live. Discover now