⚔දහසයවන කොටස⚔

350 68 141
                                    

" වෙයි යින් දෑස් විවර කරන්න.... වෙයි යින්...... වහාම වෙදදුරුව කැඳවන්න.... වෙයි යින් දෑස් විවර කර මා.... දෙස බලන්න.... "

.

.

.

.

.
ලාන් චාන් වෙයි යින්ගේ මුහුණ තට්ටු කරමින් පවසන අතර මේ මොහොතේ දී ලාන් චාන්ගේ හදවත වේදනාවෙන් හා බියෙන් මිරිකෙමින් තිබෙන්නේය.... ශාලාවේ සිටි සියලු දෙනාම ද කලබලයට පත් වී සිටින අතර යැන්ග් සහ කිරුල හිමි කුමරු ඉක්මනින් ශාලාවෙන් පිටතට දිව ගියේ වෙදදුරුව කැඳවාගෙන ඒම සඳහාය.... සියලු දෙනාම කලබලයට පත්ව සිටියදී මේ දෙස සිනාසෙමින් බලාසිටින දෙදෙනෙක් ශාලාව තුළ සිටින බව කිසිවකුගේ අවධානයට ලක් නොවිණි.

ඉන් පසු සිදු වූ දෙයින් සියලු දෙනාම බියගැන්වීමට සමත් විය. වෙයි යින්ගේ දෑස් මදක් විවර වුවත් එක්වරම කැස්සක් සමඟ මුවෙන් රුධිරය පිටවී වෙයි යින්ව නැවත සිහිසුන් විය..... සිදු වූ දෙයක් සමඟ තවත් වෙදදුරු පැමිණෙනතුරු ගෙන සිටීමට නොහැකි වූ ලාන් චාන් වෙයි යින්ව ඉක්මනින් දෑතට ඔසවාගෙන දිව ගියේය..... ලාන් චාන්ගේ දෙනෙත්වලින් කඳුලු රූරා වැටුණේ ඔහුට නොදැනීය.

" විශ ශරීර ගත වෙලා.... මගේ වෙයි යින් මා ඔබව ඉක්මනින් වෛද්‍යවරයා ළඟට රැගෙන යන්නම්.... මා වෙනුවෙන් මදක් ඉවසාගෙන සිටින්න.... ඔබට කිසිවක් වීමට මා ඉඩ තියන්නේ නැහැ.... මගේ වස්තුව..... "

.

.

.

.

.

.

.

.

.

වංජි වෙයි යින්වත් ඔසවාගෙන ශාලාවෙන් පිටතට පැමිණ ඉක්මනින් වෛද්‍ය කුටිය වෙත පිය නැඟුවේය. ලාන් චාන් පැමිණෙන විට වෙදදුරුද කිරුළ හිමි කුමරු හා යැන්ග් කුමරු සමග කඩිනමින් ඒ දෙසට පැමිණමින් සිටි අතර වෙයි යින්ව පරීක්ෂා කිරීම සදහා ඉක්මනින් ඔහුගේ කුටියට රැගෙන ගියේය. කුටිය තුළට ගිය පසු වංජි වෙයි යින්ව පරිස්මින් සයනයෙන් තැබූ අතර ඔහු මදක් එහාට වූයේ වෙදදුරුට වෙයි යින්ව පරීක්ෂා කිරීමට ඉඩ ලබා දෙමිනි. වෙදදුරු ඔහුව පරීක්ෂා කිරීමට පටන් ගත් අතර ඒ මොහොතේම කුටිය තුළට හුවායිසන් , වෙන් නින්ග් , ඩැරන් , ජින් වූ හා ෂුයැන්ග් පැමිණියේය. සියලු දෙනාම මේ මොහොතේ සිටින්නේ නොසන්සුන්වය. නොසන්සුන්ව සිටින වංජිගේ උරහිස කිරුල හිමි කුමරු මදක් මෘදුව අත ගා ඇස් වලින් පැවසුවේ මදක් සන්සුන් වන ලෙසයි.

FOREVER 💙❤️Where stories live. Discover now