⚔හතරවන කොටස⚔

443 85 36
                                    


"කුමරුනි කුමරුනි අවදි වන්න.ඔබතුමා ප්‍රමාදයි."

වෙයි යින්ට ඇසෙන නුපුරුදු කට හඬත් සමඟ ඔහු කෙමෙන් කෙමෙන්
දෑස් හැර සයනය මත අසුන් ගත්තේය.

"නුඹ කවුරුන්ද, එසේම ඇයි ඔබ මට කුමරුන් ලෙස අමතන්නේ"

වෙයි යින් තම සයනය අසල සිටින තරුණියගෙන් විමසන්නට විය.

" කුමරුනි සමාවෙන්න ඔබතුමා හට මාව හදුන්වා දිමට නොහැකි වීම පිළිබඳව. මා තමයි ඔබතුමාගේ ප්‍රධාන සේවිකාව. එසේම දෙවැනි කුමරුන් අපට නියෝග කෙරුවා ඔබතුමන්ලා විවාහ වන තෙක් ඔබතුමාගේ තනතුරේ නාමයෙන් නොඅමතන ලෙස. අපට අණ කළා ඔබතුමා හට කුමරුන් ලෙස අමතන්න. එතුමා සිතනවා ඇති දැන්ම ඔබතුමා හට තනතුරේ නාමයෙන් අමතන විට අපහසුතාවයකට පත් වේවි යැයි."

සේවිකාව තැතිගත් ස්වරූපයෙන් එක දිගට කියාගෙන යන්නට විය.

" ඕහෝ... අර දිගංචි බකමූණාට මාත් සමග තමයි වදනක්වත් කතා කළ නොහැක්කේ. අඩු තරමින් මුහුණ බලා සිනාසුනේවත් නැහැ. කන්න වගේ බලන් හිටිය මිසක්. නමුත් මගේ අපහසුතා පිළිබඳව නම් බොහෝ වද වෙනවා. මල කෝලං හුම්.."

වෙයි යින් තනිව මුමුණන්නට විය.

" ඔබතුමා කුමක් හෝ පැවැසුවද කුමරුනි"

"ආ.. මේ.. නෑ නෑ කිසිවක් නෑ.. මා මේ විමසන්නට හැදුවේ ඔබේ නාමය කුමක්ද කියා.."

ඔහු සිනාමුසු මුහුණින් සේවිකාව දෙස බලා විමසුවේය. වෙයි යින්ගේ සිනහමුසු මුහුණ දුටු පසු ඇයගේ තැතිගත් ස්වභාවය නැතිවී ගොස් ඇයද සිනහ මුසු මුහුණින් හට වෙයි යින් හට පිළිතුරු ලබා දෙන්නට විය.

 වෙයි යින්ගේ සිනහමුසු මුහුණ දුටු පසු ඇයගේ තැතිගත් ස්වභාවය නැතිවී ගොස් ඇයද සිනහ මුසු මුහුණින් හට වෙයි යින් හට පිළිතුරු ලබා දෙන්නට විය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මියෑන්

" මාගේ නාමය මියෑන් කුමරුනි... කුමරුනි ඔබතුමා හට ප්‍රමාද වෙනවා. තව සුළු මොහොතකින් ප්‍රධාන පාලකතුමා පැමිණෙනවා ඔබතුමා හට මාලිගාවේ නීතිරීති හා අනිකුත් දෑ පිළිබඳව දැනුවත් කිරීමට. එනිසා අප ඉක්මනින් සූදානම් විය යුතුයි. මා ඔබතුමා හට ස්නානය සඳහා කටයුතු සූදානම් කර තිබෙන්නේ. ඒ සඳහා පිටත් වෙමුද කුමරුනි"

FOREVER 💙❤️Where stories live. Discover now