⚔හයවන කොටස⚔

432 84 64
                                    


වෙයි යින් සේවිකාවන් හා තම ආරක්ෂකයන් දෙදෙනා සමඟ පිටත් වූයේ මාලිගාවේ සිටින කඩවසම් සෙන්පතිතුමා මුණ ගැසීමටයි. පිටත් වීමට පෙර ඩැරන් ගොස් දෙවනි කුමරුගෙන් ඊට අවසර ලබා ගෙන පැමිනියේ ආරක්ෂකයින්ගේ පුහුණු පිටියට එසේ හිතුමනාපෙට ඇතුළු විය නොහැකි නිසයි. අවසර ලබා ගැනීමෙන් පසුව ඔවුන් පුහුණු පිටියට ඇතුළු වූ අතර ඔවුන් යන විට ඔවුන්ගේ කඩවසම් සෙන්පතිතුමා සෙබළුන් පුහුණු කරමින් සිටියේය. වෙයි යින් සමග පැමිණි සේවිකාවන් කඩවසම් සෙන්පaතිතුමා දෙස ඇස් පිය නොහෙළා බලා සිටියාය.

" මා ඔබතුමාට පැවසුවා නේ කුමරුනි එතුමා බොහෝ කඩවසම් කියා"

එක් සේවිකාවක් වෙයි අසලට පැමිණ පැවසුවාය.

"ඒක තමයි මමත් බැලුවෙ"

එසේ පවසමින් මද වේලාවක් එදෙස බලා සිටී වෙයි මහ හයියෙන් කෑ ගැසීමට පටන් ගත්තේය.

"ක..... ඩ..... ව.... ස..... ම්...... සෙ..... න්..... ප.... ති..... තු..... ම..... නි........."

ඇසුණු හුරුපුරුදු කට හඬත් සමඟ යොන්ග් පිටුපසට හැරුණු අතර ඔහුට දැක ගැනීමට හැකි වූයේ ඔහු තම දිවියටත් වඩා ආදරය කරන තමා දෙස සිනහ පිරි මුහුණින් බලා සිටින තම හුරතල් සොහොයුරාය. තම සොහොයුරා දෙසට ඉක්මනින් දිව යන්නට සැරසුණත් පසුව ඔහුට සිහිපත් වූයේ තමා සිටින්නේ පුහුණු පිටියේ බව. ඉක්මනින් නැවත පුහුණු පිටිය දෙසට හැරුණු ඔහු දුටුවේ තම සොහොයුරා දෙස බලාගෙන සිටින සෙබළුන් පිරිසයි. ඔවුන් කිසිවෙක් මින් පෙර ඒ තරුණියකටත් වඩා සුන්දර පුරුෂයාව දැක තිබුණේ නැත. සියලු දෙනාම ඒ රුව දෙස වශී වූ දෑසින් හා කුතුහලයෙන් බලා සිටියහ. ටික වේලාවකට පසු ඔවුන්ගේ දෑසට හසුවූයෙ ඔවුන් දෙස රවාගෙන බලාසිටින සෙන්පතිතුමාවයි. එතුමා ගේ බැල්ම දරාගැනීමට නොහැකිව සෙබළුන් සියලු දෙනාම එක් එක් පැති බලා ගත්තේය.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
FOREVER 💙❤️Where stories live. Discover now