⚔දහතුන්වන කොටස⚔

359 65 93
                                    

ඔහු දුටුවේ වෙන කිසිවක් නොව නිරාවරණය වී තිබුණු මැණික් කටුව අසල ඇති පිලිස්සුනු කැලැලයි. එය අද හෝ ඊයේ සිදු වූ කැළලක් බව බැලූ බැල්මටම කිව හැකි ය. වෙයි යින්ට මතක් වූයේ ඊයේ දිනේ දී තමා ට මැවී පෙනුනු ලාන් චාන්ගේ මැණික් කටුව අසල ද තමා අතින් පෙරළුණු ඉටිපන්දම නිසා පිළිස්සී ගිය බව.... එය සිහිපත් වූ විගස වෙයි යින් විසල් වූ දෑසින් ලාන් චාන් දෙස බලා.....

" ලා... ලාන්... චාන්... එසේ නම් එය මට මැවී පෙනුනු දෙයක් නොවෙයි... ඔබ... ඔබ... මගේ කුටියට පෙර දින රාත්‍රියේදී ඇත්තෙන්ම පැමිණියා....."

වෙයි යින් එසේ විමසන විට ලාන් චාන් කිසිවක් නොකියා බිම බලාගත්තේ වරදක් කර හසුවූ කුඩා දරුවකු ලෙසිනි...

" ලාන් චාන් මට සත්‍ය පවසන්නකෝ.... "

වෙයි යින් ලාන් චාන් දෙස බලා හුරතල් ලෙස විමසූ අතර ලාන් චාන් එක්වරම හිස එසවූයේය.

" වෙයි යින්... මා හට හදිසි රාජකාරියක් තිබෙනවා.... මා පිටවෙන්නම් හෙට හමුවෙමු.... "

ලාන් චාන් එසේ පවසමින් ඉක්මනින් එතැනින් පිටව ගියේය. ඉක්මන් ගමනින් පිටත්ව යන ලාන් චාන් දෙස වෙයි යින් සිනහසෙමින් බලා සිටියේය.

" යා.... ඔබට තිබෙන්නේ මේ රාජ්‍යයේ අධිරාජ්‍යයාට වත් නැති රාජකාරි ගොඩක් නේ.... මා වැදගත් යමක් අසන සෑම විටම රාජකාරියක් යැයි පවසා පලා යනවා... තව ටික දිනයි ලාන් චාන් ඔබට ඔය ලෙස සිදු කළ හැකි.... හී... හෙට දිනයේදී හුවායිසන්ගේ සැලසුම ක්‍රියාත්මක කළ පසු ඔබේ හදවතේ තිබෙන දේවල් මුවෙන්ම අසා ගන්නම්කො.... අපොයි... දැන් සිහිපත් වූයේ ඔබ පැවසුවා නේ හෙට දිනයේදී පුස්තකාල මණ්ඩපයේ සිටයි මා හට පිටපත් කිරීමට ඇත්තේ කියා.... ඒ කියන්නේ එහි සිටින්නේ ඔබයි මායි පමණයි.... වැරදිලාවත්... ලා..න්... චා.. න්... පසුගිය රාත්‍රියේදී ලබා දීම ගොස් අතරමග නැවැත්තූ මගේ ප්‍රථම හාදුව හෙට දිනයෙ දී සම්පූර්ණ කරාවි ද... හිකිස් ලැජ්ජාවේ බෑ අප්පා.... එය ඔහුගෙත් ප්‍රථම හාදුව වේවිද දන්නේ නැහැ නේද... "

වෙයි යින් තනිව මුමුණමින් මුහුණත් රත් පැහැ කරගෙන තම කුටිය බලා පිටත් වූයේ හෙට දිනය පිළිබඳ සිහින මවමිනි.....

FOREVER 💙❤️Where stories live. Discover now