⚔තුන්වන කොටස⚔

451 90 49
                                    

යොදාගත් අයුරින් ගිවිස ගැනීමේ කටයුතු සිදු වූ අතර පසුව පැමිණි සියලු දෙනා වෙනුවෙන් ප්‍රධාන අමාත්‍යතුමාගේ නිවසේ භෝජන සංග්‍රහයක් පැවැත්විණි. භෝජන ගන්නා අතරතුර වූෂියෑන් තමා ට එහා පසින් අසුන්ගෙන සිටින ඒ කඩවසම් රුව දෙස කිහිප වතාවක්ම බැලූ අතර ඔහුගේ දෙනෙත් තමා වෙත යොමු වූ විට වූෂියෑන් විගසින් ඉවත බලා ගත්තේය. අධිරජුට ඇතිවූ හදිසි රෝගාබාධයක් හේතුවෙන් එතුමා හා අධිරාජිණියට ගිවිස ගැනීමේ උත්සවය සඳහා සහභාගිවීමට නොහැකි වූ අතර උත්සවය සඳහා රජ පවුල වෙනුවෙන් කිරුළ හිමි කුමරු, දෙවැනි කුමරු හා උප අධිරජු පැමිණ සිටියහ. මීට අමතරව රාජ සභාවේ අමාත්‍යවරුන් හා අගනුවර වංශාධිපතීන් කීප දෙනෙක් පමණයි මේ උත්සවය සඳහා සහභාගි විය. භෝජන සංග්‍රහය අවසන් වූ පසු සියලු දෙනාම කතාබහ කරමින් සතුටු සාමීචියේ යෙදී සිටි අතර වූෂියෑන් තම සොහොයුරන් අසලට විත් ඔවුන්ගේ කතා බස් වලට සවන් දෙමින් අලසව සිටියේය. වටපිට බලමින් සිටි ඔහුගේ ඇසට හසු වූයේ තමා දෙස රවාගෙන බලා සිටින තරමක් මහළු පුද්ගලයෙකි. ඒ මහලු පුද්ගලයා ඔහුගේ හිසේ සිට පාදාන්තය දක්වාත් පාදාන්තයේ සිට හිස දක්වාත් කිහිප වතාවක්ම බලන අයුරු වූෂියෑන් දුටුවේය. ඉන්පසුව වූෂියෑන් තමාට මඳක් එහා පසින් සිටි වෙන් නින්ග්ට කතා කරන්නට විය.

"වෙන් නින්ග් ඔබ දන්නවාද කවුද කියා අර මා දෙස අමුවෙන් අනුභව කිරීමට මෙන් බලා සිටින මහලු කොටලුවා"

" කෝ ස්වාමිතුමනි මට එවැන්නෙක් පෙනෙන්නට නැහැ නේ"

වෙන් නින්ග් තම හිස හතර වටේ කර කවමින් ඒ පුද්ගලයව සොයන්නට විය.

"යා.... ඔය ලෙස එක එල්ලේ බලන්න එපා මෝඩයෝ... හොරෙන් බලන්න. අර අර අපිට ඉදිරියෙහි මදක් දකුණු පසින් සිටින එළු රැවුලා පිළිබඳව මා පවසන්නේ"

වූෂියෑන් වෙන් නින්ග්ගේ හිසට පාරක් එල්ල කරමින් පැවසුවේය.

"ආ.... ඔහුද ඒ සිටින්නේ ඔබතුමාගේ අනාගත මාමණ්ඩිය"

වෙන් නින්ග්ගේ වචන ඇසූ පසු වූෂියෑන් නැවත ඒ පුද්ගලයා දෙස බැලුවේය.

" ඔබ පවසන්නේ ඒ සිටින්නේ දෙවැනි කුමරුගේ පියාණන් බවද අප රාජ්‍යයෙ අධිරජු ඒ ඔහු ද "

FOREVER 💙❤️Where stories live. Discover now