⚔විසිවන කොටස⚔

383 73 217
                                    

කුටියේ දොරටුවෙන් ඇතුලට පැමිණි පුද්ගලයා දුටු විගස කුටියෙ වාඩිවී සිටි සියලු දෙනාම ඉද්ද ගැසුවාක් මෙන් නැගිටිනි....

" ඔබලා සියළු දෙනාම.... මේ රාත්‍රියේ වෙයි යින්ගේ කුටියේ සිදු කරන්නේ කුමක්ද... "

" වංජි.... ඔබ... ඔබ.... මේ වෙලාවේ.... ආ... මේ අපි වූෂියෑන්ගේ සුවදුක් බැලීමටයි පැමිණියේ .. ඔබ..... මෙහි පැමිණියේ ඇයි... පියාණන් පැවසුවා නොවෙද දින තුනක් යනකං වෙයි යින්ගේ කුටිය දෙසට නොපැමිණෙන ලෙස.... "

කිරුල හිමි කුමරු සිරකරගත් සිනහවකින් යුතුව පැවසුවේය.

" මා පැමිණියේ මගේ බිරිඳට යමක් ලබාදීමටයි.... අයියණ්ඩි...."

එසේ පවසමින් ලාන් චාන් වෙයි යින් අසලට පැමිණ මෙතෙක් වේලා කිසිවෙකුගේ අවධානයට ලක්නොවූ ලාන් චාන්ගේ අතේ තිබූ දේ වෙයි යින් වෙතට දිගු කළේය...

" මේ මගෙන් ඔබට ලැබෙන විවාහ ත්‍යාගය... "

" ලා... න්... චා... න්... මේ... මේ.... අධිරජ මදහස... "

වෙයි යින් ලාන් චාන් තමා වෙතට දිගුකර තිබෙන අධිරජ මදහස බඳුන් කිහිපය දෙස දෑස විසල් කරගෙන බලා සිටි අතර කුටියේ සිටි අනෙක් අය ද ගුසුවේ සිටින ශ්‍රේෂ්ඨ දෙවෙනි කුමරුගේ මේ ක්‍රියාවන් දෙස තුෂ්නිම්භූතව බලා සිටින්නේය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වෙයි යින් ලාන් චාන් තමා වෙතට දිගුකර තිබෙන අධිරජ මදහස බඳුන් කිහිපය දෙස දෑස විසල් කරගෙන බලා සිටි අතර කුටියේ සිටි අනෙක් අය ද ගුසුවේ සිටින ශ්‍රේෂ්ඨ දෙවෙනි කුමරුගේ මේ ක්‍රියාවන් දෙස තුෂ්නිම්භූතව බලා සිටින්නේය.

" යා.... දෙවෙනි කුමරු වෙන්න ඇති තම විවාහක ත්‍යාගය ලෙස මෙලෙස තම බිරිඳට මත්පැන් ලබාදෙන එකම ස්වාමිපුරුෂයා...... ඇත්තටම මටත් මේ වගේ ස්වාමිපුරුෂයෙක් සිටියනම් කෙතරම් වාසනාවක්ද..... "

ෂුයැන්ග් එසේ පවසමින් තමන් අසල සිටගෙන සිටින ජින්සුගේ කර වටා අතක් දමාගෙන ඔහුගේ මුහුණට එබී කතා කිරීමට පටන් ගත්තේය...

FOREVER 💙❤️Where stories live. Discover now