⚔පස්වන කොටස⚔

424 87 34
                                    

"පැමිණෙනු"

වෙයි යින් දෙස දවා අළු කරන බැලීමකින් බලා සිටි දෙවැනි කුමරු බිම සිටින දෙදෙනා දෙස බලා නැවත වෙයි යින් දෙසට හැරී පැවැසුවේය. පසුව එකදු මොහොතක් එතැන නොරැදි පිටව යන්නට විය. ඔහුගේ විධානය හරි හැටි තේරුම් ගැනීමට නොහැකි වූ වෙයි යින් මියෑන් දෙස හැරී බලන්නට වූ අතර මියෑන් හිසින් එතුමා හා යන්නයි සන් කළාය.
පසුව වෙයි යින් ඉක්මනින් කුටියෙන් පිටව ගොස් තමාට වඩා ඉදිරියෙන් යන දෙවැනි කුමරුන් අසලට දිව යන්නට විය. මද දුරක් ගොස් දෙවෙනි කුමරු ගමන නවත්වා පිටුපසට හැරුණේය.

එක්වරම වේගය පාලනය කර ගැනීමට නොහැකි වූ වෙයි යින් ගොස් කුමරුගේ ඇගේ ගැටිණි. ක්ෂණිකව සිදුවූ සිදුවීමත් සමබරතාවයට ගිලිහුණු දෙවැනි කුමරු බිම පතිත වූ අතර වෙයි යින් ද කුමරුගේ සිරුර මතම පතිත වූයේය.

 ක්ෂණිකව සිදුවූ සිදුවීමත් සමබරතාවයට ගිලිහුණු දෙවැනි කුමරු බිම පතිත වූ අතර වෙයි යින් ද කුමරුගේ සිරුර මතම පතිත වූයේය

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.

වෙයි යින්ට එක්වරම සිදු වූයේ කුමක්දැයි සිතා ගැනීමට නොහැකි විය. තමා තවම සිටින්නේ කුමරුගේ සිරුර මත යැයි සිහි වූ සැනින් වෙයි යින් හිස ඔසවා කුමරු දෙස බැලුවේය. ඔහු බලාපොරොත්තු වූයේ තමා දෙස රවාගෙන කේන්තියෙන් බලා සිටින මුහුණක් වුවත් ඒ මුහුණේ කේන්තියක් ගැවී හෝ නොතිබුණේය. ඒ මොහොතේදී කුමරුගේ මුහුණේ ඇති හැඟීම් කියවීමට උත්සාහයක යෙදුනත් වෙයි යින්ගේ උත්සාහය ව්‍යර්ථ විය. දෙදෙනාගේ දෑස් කෙතරම් වේලා එකට පැටලී තිබ්බා දැයි දෙදෙනාගේම මතකයේ නැත. දැහැනකට සමවැදී සිටි වෙයි යින්ගේ හා දෙවැනි කුමරුගේ දැහැන බිඳුනේ තාමට පිටුපසින් ඇසුණු කට හඬත් සමඟයි.

"ක්හම්....ක්හම්...."

වෙයි යින් පිටුපස හැරී බැලුව අතර ඔහුට දැක ගැනීමට හැකි වූයේ ඔවුන් දෙස සිනාසෙමින් බලා සිටින කිරුළ හිමි කුමරුන්වයි.

FOREVER 💙❤️Wo Geschichten leben. Entdecke jetzt