හැපි..... ?

388 78 0
                                    

කොටින්නම් ජංකුක් වෙඩින් එක හෙට  කියලා  ඔෆිස් ගියා වගේම .සූමින් යුනිවර්සිටි ගියා.. එයාලා තමන්ගෙ ජීවිතේ වැදගත්ම දවස හෙට තිබ්බත් සාමාන්‍ය විදියට දවස ගත කලා.

.....................................

"ජංකුක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ජංකුක් ...... අද ටිකක් කලින් ගෙදර යන්න... "

ජංකුක්ගෙ අප්පා  ජංකුක්ගෙ ඔෆිස් එකට ඇවිත් කියපු දේට කොල්ලා කිසිම දෙයක් කියන්නැතුව එකග උනේ කෝමත් මේ වෙන කොට කොල්ලගෙ  වැඩත් ඉවර වෙලා තිබ්බෙ.

'ම්හ්...... ඒ කියන්නෙ හෙට තමා දවස.'

කොල්ලා කෝට් එකත් අතේ අරන් කාර් එකට යනකොට දැක්කෙ කාර් එකේ වින්ඩ්ස්ක්‍රීන්  එකේ මොකක්ද රඳවලා  තියනවා.

ඒක අතට අරන් බැලුවාම කොල්ලගෙ මූන කලින් තිබ්බ smirk එකෙන් මිදිලා ලස්සන හිනාවක් ආවා..

ඉක්මනටම envelope එක කඩලා කොල්ලා ලෙටර් එක ගත්තෙ ඒකෙ මොනාද තියෙන්නෙ කියලා බලන්න.
..................................................................
හායී....බනී.......

ඔන්න අද  දවසෙ දෙවෙනි ලෙටර් එක.
ඇයි දන්නවද....
හෙට ඔයාගෙ වෙඩින් එකනේ... එක්කට විශ් කරන්න.
හෙට ඔයාට ලියුම් දෙන්නෙ කෝමද ඔයා බිසීනෙ.. ඒකයි මම අදම  හෙට එකත් දුන්නෙ.. තරහ නෑ නේද..

සෝ... happy wedded life...
මගෙ බනීට...

හැමදාම සතුටින් ඉන්න...
මම හැමදාම ඔයත් එක්ක ඉන්නවා.

....................................................................

ඒක කියෙව්වට පස්සෙ නම් මෙච්චර වෙලා කොල්ලගෙ මූනෙ රැඳිලා තිබ්බ  හිනාව මැකිලා ගියා.

"හැපි වෙඩඩ් ලයිෆ්.... "

ලියුම පරිස්සමින්  පෑන්ට් එකේ පොකට් එකට දාගත්ත කොල්ලා කල්පනාවේම කාර් එකට නැග්ගෙ.. එයා දිහා බලන් හිටපු ඒ ඇස් දෙකත් කඳුලින් පුරෝලා.

..................................................................

වෙඩින් එක  තියෙන දවස උදා උනේ සූමින් ,  ජංකුක් ඇරෙන්න අනිත් හැමෝම සතුටින් පුරෝලා.. මේ මැරේජ් එකෙන් පස්සෙ  ජොන්  ගෲප් එක කිම් ගෲප් එකත් එක්ක එකතු වෙනවා. ඒ කියන්නෙ කොරියාවෙ පලවෙනි හා දෙවෙනි බලවත් කම්පැනීස් දෙක එකතු වෙනවා කියන එක..

මීඩියා වලිනුත් වෙඩින් එක තියෙන හොටෙල් එක  ගාව  හිටියා.
ඒක ලොකු නිවුස් එකක්...
.....................................................................

"සූමින්......... "

වින්ඩෝ එකෙන් එලිය බලන් හිටපු සූමින් ඩෝර් එක් දිහා හැරිලා බැලුවෙ එයාගෙ ඔප්පාගෙ කටහඬට.

"ඔප්පා...... "

"සූ...... පැටියො මොනාද මෙච්චර කල්පනා කරන්නෙ.. "

"අනේ මංදා ඔප්පා.. අද මම ඔයාලාගෙන් ඈත් වෙලා යනවා කියලා මට හිතාගන්න  බෑ...
මට බෑ ඔප්පා.... මට යන්න බෑ......... "

කෙල්ල ජින්ට  තුරුලු වෙලා ඉකි ගහන්න ගත්තෙ ජින්ගෙ ඇස් වලත් කඳුලු පිරෙද්දි.. කොල්ලා හිමින් සැරේ පරිස්සමට කෙල්ලගෙ ඔලුවෙන් පුංචි හාදුවක් සටහන් කලේ  එයාලාගෙ පුංචි කාලෙ  මතක සටහන් මැවී මැවී පේනකොට.

"මගෙන් වෙන් වෙලා යන්නෑ කවදාවත් ඔයා හරිද... ඔයාට  කවුරු නැති උනත් ඔයාගෙ ඔම්මා , අප්පා මම  ඉන්නවා.  ඕනෙම කරදයකදී.. මේ ඔප්පා ගාවට දුවන් එන්න දෙපාරක් හිතන්න එපා හරිද... ඔයා තාමත් මගෙ චූටි නංගි සූ....
කසාද බැන්ඳා කියලා ඒක වෙනස් වෙන්නෑ.... "

සූමින්  ජින්ට තුරුලු වෙලා හිමින් සැරේ ඔලුව වැනුවෙ කෙල්ලගෙ ඇස් වලින් කඳුලු ගලන් යනකොට...

"සූට  ඔයාලා විතරක් නෙවේ අපිත් ඉන්නවා හියුන් ..  සූ අපෙත් නංගි ...."

ජින් , සූමින්  දෙන්නම ගැස්සිලා ගියේ ඩෝ එක ගාවින් ඇහුන සද්දෙකට...

ඒ වෙන කවුරුත් නෙවේ.... ජින්ගෙ සහෝදරයො පස් දෙනා..
නැම්ජුන්, යුන්ගී, හොබී, ජිමින් , ටේ ...

....................................................................

ඔන්න මං ආවෝ...................

ඔන්න මං ආවෝ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ANGEL BESIDES HIM🌼  [COMPLETED]✔️Where stories live. Discover now