පසුතැවීම ..

434 79 7
                                    

හැබැයි කොල්ලා දැනටමත් පරක්කුයි..

.....................................

රූම් එකේ බැල්කනි එකට වෙලා  අහස දිහා බලන් ඉන්න සූමින් ගාවට සොක්ජින් හිමින් හිමින් ගියෙ කෙල්ලට නොදැනෙන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

රූම් එකේ බැල්කනි එකට වෙලා  අහස දිහා බලන් ඉන්න සූමින් ගාවට සොක්ජින් හිමින් හිමින් ගියෙ කෙල්ලට නොදැනෙන්න. හිමින් සැරෙ කෙල්ලව තුරුල් කරගත්තෙ හදවත කඩා වැටෙද්දි.

"සූ............... හිරකරන් ඉන්න එපා... ඔය වේදනාව පිට කරන්න මැණික...... මම දන්නවා ඔයා  හිතේ දුක හිරකරන් ඉන්නෙ කියලා.. එහෙම කරන්න එපා..."

කෙල්ල  ඇවිත් දැන් දවස් තුනක්.. ඒත් තාමත්  කෙල්ල කරන්නෙ දුක හංගන් හිනා වෙන එක.

කෙල්ලගෙ පවුලෙ අය ගොඩක්ම බය උනෙත් ඒකට....එයාලාට බයයි සූමින් ලෙඩ වෙයි කියලා.

සොක්ජින් එහෙම කියලා හැරිලා යන්න හැදුවෙ ආයෙ කිසිම ප්‍රතිචාරයක් කෙල්ලගෙන් ලැබෙන්නෑ කියලා දන්න නිසා. ඒත්... එකපාරටම කෙල්ල බිම ඉන්ද වෙනවා දැක්ක සොක්ජින් යන එක නවත්තලා ආපහු කෙල්ලව හග් කලේ  කෙල්ලත් එක්කම බිම වාඩි වෙලා.

සූමින්ගෙ ඇස් වලින් කඳුලු වැටෙනවා. ගොඩක් වැටෙනවා. මෙච්චර දවසක් ඒ ඇස් අස්සෙ හංගන් හිටපු  හිටපු කඳුලු වලට අද එයා නිදහස් වෙන්න ඉඩ දීලා. සූමින් සොක්ජින්ට වාරු වෙලා කෑ ගහලා ඇඬුවා.. එයාට දැන් දැනෙනවා එයා තනිවෙලා නෑ කියලා. එයාට එයාගෙ පවුලෙ  ඉන්නවා කියලා සූමින්ට මේ දවස් කීපයට දැනුනා.කෙල්ලට ආදරේ දැනුනා. ඒ වගේම කෙල්ලගෙ මැරිච්ච හිතට , මලානික ඇස් වලට ආයෙමත්  ජීවයක් ආවා.

ඒ වගේම සූමින් එක්ක මේ වෙලාවෙ තවත් තුන් දෙනෙක් ඇඬුවා.
ඒ සූමින්ගෙ ඔම්මා ,අප්පා වගේම ජින්. ඒ තුන් දෙනාගෙම හිත්වල තිබ්බෙ එයාලාගෙ පුන්චි කෙල්ල මේ වගේ දුක් විඳින්නෙ එයාලා නිසා කියලා. ඒ පසුතැවීම එයාලාගෙ ඇතුලාන්තයෙන්ම පුච්චනවා.

..................................................

මේ අතර ජංකුක් තාම දන්නෑ සූමින් ගෙදර නෑ කියලා. කොල්ලා ඉන්නෙ  කොල්ලගෙ ඔම්මයි අප්පයි එක්ක. වෙනදත් කොල්ල සූමින් නැතුව  සති ගනන් ඉන්න නිසා මිස්ටර් ඇන්ඩ් මිසිස් ජොන්ට ඒක ගානක් උන්නෑ .

කොල්ලගෙ හිතේ මේ වෙලාවෙ වැඩ කරන්නෙ  කොහොමද  කෙල්ලට මූන දෙන්නෙ කියලා. පහුගිය මාසවල ජංකුක් කියපු කරපු දේවල් මැවි මැවී පෙනෙද්දි කොල්ලා ගොඩක් පසුතැවුනා.

කොල්ලගෙ  හිතේ තියෙන්නෙ සූමින් ගැන දුකක් නෙවේ .කොල්ලට තිබ්බෙ පසු තැවීමක්.
කෙල්ල ගැන දුකක් දැනෙන්න තරම් කෙල්ල ගැන හඟීමක් කොල්ලට තිබ්බෙ නෑ.

කොල්ලගෙ හිතේ ගොඩක්ම වැඩ කලේ එක දෙයයි...

'ආයෙ හියුන්ලා මාත් එක්ක කතා කරන්නැති වෙයිද....'

'

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

......................................................

චුට්ටයි තමා....... හේ. හේ..........

ඒත් දුන්නනෙ..

හූම්..

ඇයි ඒම කලේ ටේයෝ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඇයි ඒම කලේ ටේයෝ............ 😑😑😑

ANGEL BESIDES HIM🌼  [COMPLETED]✔️Where stories live. Discover now