don't use make up..

407 83 10
                                    

දොරත් ඇරන් ඇතුලට ගිය කොල්ලට දකින්න ලැබුනෙ කිසිම සහෝදරයෙක් දකින්න කැමති නැති දසුනක්..
..........................................................

පෙරලිලා ගියපු බාස්කට් එකකින් ගලාගෙන ගිය වතුර ගොඩක් මැද්දෙ  බිම ඉදගෙන තුවාල වෙච්ච  අත් දිහා බලන් ඉන්න සූමින්ව දැක්ක ගමන් කොල්ලගෙ කකුල් දෙක වාරු නැතුව ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පෙරලිලා ගියපු බාස්කට් එකකින් ගලාගෙන ගිය වතුර ගොඩක් මැද්දෙ  බිම ඉදගෙන තුවාල වෙච්ච  අත් දිහා බලන් ඉන්න සූමින්ව දැක්ක ගමන් කොල්ලගෙ කකුල් දෙක වාරු නැතුව ගියා.

අත් දෙකේ , මූනෙ  හැමතැනම නිල් පාට රතු පාර තැලුම් පැල්ලම් තිබ්බෙ කෙල්ලගෙ වේදනාව කොච්චරක්ද  කියලා පෙන්නන ගමන්.

ඒත් එක්කම කොල්ල ගැස්සිලා ගියෙ කිසිම හැඟීමක් නැති ඒ  වේලුන ඇස් දෙක දැකලා. ඒ ඇස් හරි අමුතුයි. හරියට කිසිම ජීවයක් නෑ වගේ.මීට අවුරුද්දකට කලින් සොක්ජින් දැකපු ඒ දිලිසෙන ඇස්  දැන් හොයා ගන්නවත් නෑ.

සොක්ජින්ට තරහයි...  ඒ ජංකුක් ගැන නෙවේ ඒ එයා ගැනම  තමන්ගෙ එකම සහෝදරියට මෙහෙම වෙනකන් කිසිම දෙයක් නොදැන හිටපු එකට. ඉක්මනට සූමින් ගාවට ගිය  සොක්ජින් සූමින්ව තුරුලට ගත්තෙ සූමින් සොක්ජින්ට තුරුලු වෙලා හිමින් සැරේ හිනාවෙද්දි. ඒත් ඒ හිනාව ඇස්වලට ලගා උන්නෑ..

"මැනික........... ඇයි...... ඇයි.... මේ......"

" මම හොඳින් ඔප්පා...."

සොක්ජින් සූමින් දිහා බලන් හිටියෙ කඳුලු  ඇස් වලින් වැටෙනකොට...

" යං..... අපි යමු.... මේ අපායෙන් යමු..."

සූමින් ඒකට විරුද්ද උනේ නෑ. කෙල්ල දන්නවා  ජංකුක්ටත් ඕනෙ උනේ මේක කියලා.

කෙල්ල ඔලුව වනලා  එයාගේ රූම් එකට ගියේ  සොක්ජින් එයාගෙ පස්සෙන් යනකොට.

කෙල්ල බිම දන ගහගෙන එයා පුන්චි කබඩ් එකෙන්  හැමදාම අඳින  ඇදුම් එලියට අරන් සූට් කේස් එකට දැම්මා.
කෙල්ලගෙ කාමරේ වටේම ඇස් යවපු සොක්ජින් කට අතින් තද කරගෙන අඩන්න ගත්තෙ ගොඩක් වේදනාවෙන්.
මීට කලින් කවදාවත් ඇස් වලින් කඳුලු වැටුන්නැති සොක්ජින්ගෙ ඇස් වලින් අද නොනවත්වා කඳුලු ගලනවා. ඒ තමන්ගෙ සහෝදරීව දැකලා, සහෝදරී විදපු දුක් දැකලා.

බෑග් පැක් එකත් ලෑස්ති කරගෙන සූට් කේස් දෙක ගාවින්ම තිබ්බ සූමින් කන්සීලර් එක අතට ගත්තෙ මූනේ අත් දෙකේ පැල්ලම් වහන්න.

"එපා......"

කෙල්ලගෙ අතේ තිබ්බ කන්සීලර් එක අරන් විසික් කරපු ජින් සූට් කේස් දෙකයි බෑග් පැක් එකයි අරන් කෙල්ලගෙ අතින් අල්ල ගත්තේ කෙල්ලට යමු කියලා කියන ගමන්.

සූමින් මොනවත් නොකියම ජින්ට අවනත උනා.

කෙල්ල පාකින් ඒරියා එකට යන අතරමග මගදි හම්බුන මිනිස්සු සූමින් දිහා  බැලුවෙ පුදුම වෙලා. ඒ මූනෙ , ඒ අත් වල තිබ්බ කැලැල් එයාලාව බය කලා.
.......................

ගෙදර මේන් ඩෝ එක ගාවම කා එක නැවැත්තුව සොක්ජින්  කෙල්ලගෙ අතින් පරිස්සමට එක්කන් ගියෙ ගේ ඇතුලට. මේ අතරෙ ජින් සූමින් එක්ක එනකන් මිසිස් කිම් එක්ක මිස්ටර් කිම් බලන් හිටියෙ ඒ දෙන්නත්  සූමින්ව දකින්නෙ ගොඩ කාලෙකින් නිසා.

ඒත් ඒ දෙන්නට ඒ පරන හුරතල් සූමින්ව නෙවේ දකින්න හම්බුනේ.

සූමින්ව දැක්ක ගමන්  මිසිස් කිම්  අතින් කට වහගෙන මිස්ටර් කිම්ට වාරු උනේ එයාගෙ කකුල් දෙක පනනැතිව යනවා වගේ දැනුන නිසා. මිස්ටර් කිම්  එක අතකින් මිසිස් කිම්ව අල්ලගෙන අනිත් අතින් බිත්තිය අල්ල ගත්තා.

ඒත් තාමත් සූමින්ගෙ මූනෙ ඒ සොක්ජින් බය උන හිනාව තිබ්බා.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

..........................................

මට දුකයි...............😥😥😥

..................................

හනේ සූටි ජිමින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හනේ සූටි ජිමින්.....................💝

මොනා හරි කියාගෙනම යන්න..

ANGEL BESIDES HIM🌼  [COMPLETED]✔️Where stories live. Discover now