විලෝ ගස් යාලුවා....

392 77 12
                                    

හිමින් සැරේ කඳුලු පිහිදපු  සූමින්  අමාරුවෙන් උනත් ඇස් දෙක පියා ගත්තෙ අද දවස  හොඳටම තෙහෙට්ටු දවසක් උන නිසා.

..................................................................

කෙල්ල පහුවදා උදේම ඇහැරුනෙ ජංකුක්ට බ්‍රෙක්ෆස්ට් එක හදන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කෙල්ල පහුවදා උදේම ඇහැරුනෙ ජංකුක්ට බ්‍රෙක්ෆස්ට් එක හදන්න .

හිමින් හිමින් කොන්දත් අතගගා නැගිට්ට කෙල්ල  ජංකුක්ගෙ බ්‍රෙක්ෆස්ට් එක ලෑස්ති කරලා ඉවර උනේ යුනි යන්න. පොත් බෑග් එකත් අරන් කාමරෙන් එලියට ඇවිල්ලා කොල්ලගෙ ලන්ච් එකත් බොක්ස් එකකට දාලා ඒකෙන් පුන්චි නෝට් එකක් තිබ්බා.

'Good morning සන්බෙ...
මේක ඔයාගෙ ලන්ච් එක්... '

කොෆී එකත් හදලා  ප්ලාස්ක් එකකට දලා ඒකෙනුත් පොඩි නෝට් එකක් අලවලා හිමින් සැරේ ගිහින් කොල්ලගෙ දොරට තට්ටු කලේ ජංකුක්ව ඇහැරවන්න.

දොරට කන තියලා ඇහෙන සද්ද වලින් කොල්ලා ඇහැරිලා කියලා  තහවුරු කරගත්තට පස්සෙ කෙල්ල ඉක්මනටම  බෑග් එකත් අරගෙන එලියට ගියා..

'සන්බේ නැගිට්ටනෙ.. දැන් යනවා  .. එයා කෝමත් මම ඉන්නවට කැමතී නෑනෙ... '

සූමින් හිතුවෙ එහෙම..............

.................................................................

දොරට තට්ටු කරන සද්දෙට ඇහැරුණ ජංකුක් එහෙම්මම ෆෝන් එක අරන්  බැලුවෙ වෙලාව කීයද කියලා. වෙනදට වඩා පැය බාගයක් පරක්කුයි...

"ආශ් ... දැන් ඉතිං අද බ්‍රෙක්ෆස්ට් එක මගාරින්න තමා වෙන්නෙ උයන්න වෙලාවක් නෑනෙ...යන ගමන් මොනා හරි ගන්නවා.. "

ජංකුක් ඉක්මනට ඇඳුමත් ඇඳන් ලෑස්ති උනේ කෝම හරි බ්‍රෙක්ෆස්ට් එක හදාගන්න වෙලාව ඉතුරු කරගන්න .

ANGEL BESIDES HIM🌼  [COMPLETED]✔️Where stories live. Discover now