Truth untold

431 77 6
                                    

ජංකුක් ඉක්මනටම කොරියන් පොත අතට අරන් බැලුවෙ හදවත වේගෙන් ගැහෙද්දි

Deze afbeelding leeft onze inhoudsrichtlijnen niet na. Verwijder de afbeelding of upload een andere om verder te gaan met publiceren.

ජංකුක් ඉක්මනටම කොරියන් පොත අතට අරන් බැලුවෙ හදවත වේගෙන් ගැහෙද්දි...

ඒකෙ තිබ්බෙ  රෝසපාට කොලේක ලියපු  පුන්චි  ලියුම් කෑල්ලක  ෆොටෝ එකක්.
____________________________________

හායී..............

කොහොමද ඔයාට.. .
ඔයා මේක විසික් කරනවා කියල
මම දන්නවා.. ඒත් දන්නවද.
මම නවත්තන්නෑ....
හූම්......!

අනික හොඳට මතක තියාගන්න
මම ඔයාව කවදාවත් තනිකරන්නෑ..
හොඳද........
____________________________________
❤️

**මේ  විදියට අපේ ආදරය පටන් ගත්තෙ ඇයි කියලා අදටත් මම කල්පනා කරනවා... **

-සාරා.. -*******

----------------------------------------------

එතන තිබුන  ෆොටෝ එක වගේම අත් අකුරු දැක්ක ජංකුක්ගෙ අත්දෙක වෙවුලන්න ගත්තෙ  කොල්ලගෙ අතේ තිබ්බ පොත් දෙක බිමට වට්ටලා..

ඉක්මන් කරලා ආපහු පොත් දෙක ගත්ත  ජංකුක් වෙවුලන් අත් වලින් වගේම ,ගැහෙන හදවතින්  ආයෙම් කොරියන් වලින් ලියපු පොත අතට ගත්තා ...

................................
සූමින්ගෙ  බුක් ලොන්ච් එක ඉවර වෙන්නත් ලඟ උනත් ජංකුක්ට ඒක ගානක් ගියෙ නෑ..

කොල්ලා නිමක් නැති කඳුලු පිහින්න අසාර්ථක උත්සහයක් දරන ගමන්  බොඳ වෙච්ච ඇස් වලින්  කියවන්නෙ. සාරා-ජේක්ගෙ  එහෙමත් නැත්තං එයාගෙයි සූමින්ගෙයි  කතාව  ...එයා දැනන් හිටපු නැති ඇත්ත...

ජංකුක් නොදැක්ක පැත්ත එක්කම සූමින් ඒක අකුරු කරලා තිබ්බා.

මුලු පොතම කියවලා ඉවර කරපු ජංකුක් එතනම දනගහගෙන කෑ ගහලා ඇඬුවෙ වේදනාව දරා ගන්න බැරිම තැන..

ජංකුක්ගෙ ඔම්ම ,අප්පා  එයාට  ආදරේ උන හේතුව , ජංකුක්ට යාලුවෝ හම්බුන හෙතුව වගේම ,එයාගෙ ඒන්ජල් ගැනත් සූමින් හරිම ලස්සනට අකුරු කරලා තිබ්බා.. පොතේ තිබ්බ දේවල් ජංකුක්ගෙ කන්වල දෝන්කාර දෙන්න ගත්තා..

ANGEL BESIDES HIM🌼  [COMPLETED]✔️Waar verhalen tot leven komen. Ontdek het nu