Sacrifice for love..

385 78 4
                                    

ආයෙ හියුන්ලා මාත් එක්ක කතා කරන්නැති වෙයිද....'

......................................................

සූමින් ටිකෙන් ටික යතා තත්වයට පත් වෙද්දි එයාගෙ අප්පයි , ඔප්පායි දෙන්නම තවත් වැදගත්  වැඩකට යොමු උනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සූමින් ටිකෙන් ටික යතා තත්වයට පත් වෙද්දි එයාගෙ අප්පයි , ඔප්පායි දෙන්නම තවත් වැදගත්  වැඩකට යොමු උනා. ඒ කෙල්ලට හොරෙන්ම.

" ජින්........... ලෝයර් කීවා පේපර්ස් ලෑස්තියි කියලා. පේපර්ස් මේල් කරනවද නැත්තං ජොන්ගෙ අතටම දෙනවද....?"

"මම ගිහින් දෙන්නම් අප්පා.....  ඒත් ඊට කලින් අපිට සූගෙ සයින් එක ගන්න වෙනවා........"

" අපි ඒ ගැන අද කතා කරමු....."

.................................
"සූ.."

කිම් පවුලෙ කෑම  මේසෙ වටේ  ඉඳගෙන කැම ගන්න ගමන් හිටපු ඔක්කොම මිස්ටර් කිම්ගෙ සද්දෙට ඔලුව උස්සලා බැලුවා.

"අප්පා.........."

දැන්  සූමින් ටිකක් සාමාන්‍ය තත්වෙට පත්වෙලා. වෙනදා පාලුවෙන් පිරුන ඒ හදවතට දැන් ඕනවටත් වඩා ආදරේ ලැබෙනවා.

" දූ..........  ඔයාගෙයි ජංකුක්ගෙයි ඩිවෝස් එක අපි ලෑස්ති කලා.  මියානේ සූ ඒත් අපිට ආයෙත් ඔයා දුක් විඳිනවා බලන්න බෑ... අප්පට සමාවෙන්න මැණික ඔයාව ඒ වගේ නරුමයෙක් ලගට යැව්වට."

සූමින්ගෙ ඇස් දිහා බලන් මිස්ටර් කිම් ඒක කීවෙ සූමින්ගෙ ඔම්මගෙ ඇස් වලින් කඳුලු වැටෙද්දි.

ඩිවොස් ....ඒ වචනෙ ඇහෙද්දි  හදවත කඩාගෙන වැටුනත් සූමින් ඒක අනික් අයට පෙන්නන් නැති වෙන්න වග බලාගත්තා.

" මම සයින් කරන්නම් අප්පා...."

එහෙම කියපු සූමින් ප්ලේට් එකත් සින්ක් එකට දාලා කාමරේට ගියෙ ජින් පස්සෙන් යන්න හදද්දි..
"ජින්.... එයාට ටිකක් තනියෙන් ඉන්න දෙමු අපි..."

ANGEL BESIDES HIM🌼  [COMPLETED]✔️Where stories live. Discover now