සකුරා.....

368 76 2
                                    

"නෑ ඩියර් දැන් ජංකුක්  කම්පැනි  එකට යනවනෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"නෑ ඩියර් දැන් ජංකුක්  කම්පැනි  එකට යනවනෙ.... මං ඉතිං ෆ්‍රී.... මම දැන් ගෙදර ඉන්නෙ.."

"ඔම්මොනී තනියමද ගෙදර ඉන්නෙ..........."

"තනියෙන් වගේ තමා මේඩ්ස්ලා හිටියට එයාලා කතා කරන්න එන්නෑනෙ...කම්මැලිත් එක්ක..."

"මම එන්නම් පුලුවන් දවස් වලට... මාත් තනියෙන්නෙ ඉන්නෙ ගෙදර........"

"අනේ ලොකු දෙයක්......"

නැන්දම්මා ලේලිගෙ  සංවාදෙ  එතනින් නවත්තන්න උනේ කට්ටිය ඩයිනින් රූම් එකට ආව නිසා..
....................................

දෙන්නට දෙන්නා අඳුනන්නැති ගානට ජීවත් වීම සූමින්ට දැන් පුරුදුයි. මැරි කරලා මාස හයක් උනත් දෙන්නා තාමත් මූනට මූන බලාගෙන කතා කරන්නෑ. හුඟක් දවස් වලට දෙන්න දෙන්නව දකින්නෙත් නැති තරම්.හැබැයි සූමින් එයාගෙ අතින් වෙන්න ඕනෙ හැමයුතුකමක්ම හරියටම කලේ කිසිම වෙනසක් නැතුව. කිසිම අගය කිරීමක් නැතුව හැමවෙලේම බැනුම් අහඅහ උනත් සූමින් හැමදේම හරියටම කලා. ඒත් ජංකුක්......... ජංකුක්ට මතක නෑ එයා මැරි කරලා කියලවත්.. එයා අතින් හස්බන්ඩ් කෙනෙක් විදියට කිසිම යුතුකමක් ඉටු උන්නෑ...කිසිම දෙයක්...

මේ මාස ටිකේ සූමින් ඇත්තටම  හිනා උනා නම් හිනා උනේ මිසිස් ජොන් එක්ක විතරයි .ඔම්මා ,අප්පා ,ඔප්පා කෝල් කලත්, හම්බුනත්  ඒ හැම වෙලේම සූමින්ගෙ මැවුනේ බොරු හිනාවක්. ජංකුක් ගැන අහද්දි  සූමින් බොරු කීවේ එයාලා දුක්වෙන හින්දා උනත් පවුලෙ අයට බොරු කීවට කෙල්ලගෙ හිතේ පසුතැවීමක් ඉතුරු උනා.

හවස් වෙනකන් ලෙක්චර්ස් නැති දවස් වලට සූමින් කෙලින්ම ගියෙ ජොන් මැන්ශන් එකට. සූමින් නිසාමද මංදා දැන් ජොන් මැන්ශන් එක ගොඩක් ලස්සනයි . ගාඩ්න් එකම එක එක මල් වලින් පිරිලා.. මැන්ශන් ඒකේ වැඩ කරන හැමෝමත් සූමින්ට ගොඩක් ආදරේ කලේ කෙල්ලගෙ අහින්සක කමට.සූමින් ජොන් මැන්ශන් එකට යන හැමදාම  හවසට මැන්ශන් පුරාම විහිදිලා යන්නෙ ලස්සන පියානෝ වාදනයක්.සෑහෙන කාලයක්  වහලා තිබ්බ පියානෝ එකටත් අලුත් ජීවයක් දුන්නෙ සූමින්. ජංකුක් කොච්චර මියුසික් වලට ආස උනත් කොල්ලා කවදාවත් ගෙදර අයට පෙන්නුවෙ නැ. මොකද මිස්ටර් ජොන් කොල්ලට බාහිර වැඩ සේරම තහනම් කරලා තිබ්බෙ.

සූමින්ට පියානෝ එක ප්ලේ කරද්දි මතක් වෙන්නෙ එයාගෙ පොඩි කාලෙ.. කිම් පව්ලෙ හැමෝම එකතු වෙලා සින්දු කියපු දවස්. සොක්ජින් ගිටාර් එක් ප්ලේ කරනකොට පියානෝ එක ප්ලේ කලේ සූමින්. ඒවගේම ඔම්මයි අප්පයි දෙන්නත් එයාලා එක්ක එකතු වෙලා සින්දු කියපු හැටි සූමින්ට මතක් වෙනකොට ඇස් දෙක පියාගෙනම කෙල්ල හිනා උනේ වාදනය අතර මැදදි.

..............................

අදත් කෙල්ල ජොන් මැන්ශන් එකට ආවෙ මිසිස් ජොන්ට දෙන්න පුන්චි තෑග්ගකුත් අරන්.

ගිය දවස් ටිකේ ගාඩ්න් එකේ ඇවිද ඇවිද හිටපු කෙල්ල ගාඩ්න් එකේ කෙලවරටම ඇවිදන් ගියත් දැක්කෙ ඒ හරිය හිස් කියලා ඉතිං කෙල්ල මේ අරන් ආපු තෑග්ග ඒකට පිලියමක්.

වෙනදා වගේම සූමින් එන වෙලාවටම මිසිස් ජොන්   මේන් ඩෝ එක ගාවට වෙලා සූමින් එකනකන් බලන් හිටියා. සූමින් දැක්ක ගමන් හිනාවකින් පිරුන මිසිස් ජොන් ගෙ මූන ප්‍රශ්නාර්තයකින් පිරුනෙ සූමින් අතේ තිබ්බ මල්ල දැකලා.

"චෙරි පැල දෙකක්.........."

"නෑ ඔම්මෝනි  මේ සකුරා...."

කෙල්ල හිනාවෙවී කීවෙ  මිසිස් ජොන් තවත් අන්දමන්ද වෙද්දි..

"මේ දෙක මම ගෙනාවෙ  මල් වලටනේ ඒනිසා මේවා සකුරා...."

කෙල්ල හිනා වේගනම කීවාම මිසිස් ජොන්ගෙ මූනටත් ආයෙම හිනාවක් ආවා..

"දැන් ඩියර් ඕක කොහෙන්ද හිටවන්නෙ..."

"එන්නකෝ ඔම්මොනී ..........."

ඒම කියපු කෙල්ල බෑග් පැක් එක මේන් ඩෝ එක ලගින් දාලා එයාගෙ ඔම්මොනීවත් ඇදගෙන ගියේ  ගාඩ්න් එකේ කෙලවරට..

"අපි මේ දෙක මෙතන හිටවමු ලස්සනයි මල් පිපෙන කොට....... මේ දෙක ලොකු උනාම මෙතන බෙන්ච් එකක් හරි තියන්න පුලුවන්නෙ... "

" ඒක හොඳයි ඩියර් මේ හරිය ටිකක් පාලුයි වගේ තමා ලොකු  ගස් ටිකක් මෙතනට ගැලපෙනවා. මේ දෙකත් එක්ක තව පලතුරු පැල දෙක තුනකුත් හිටවමු... ම්ම්......."

"අනේ  ශෝක් ඔම්මොනී ........ එතකොට පලතුරුත් තියනවා ගාඩ්න් එකේ....."

"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

....................................................

ලයිව් ඔක්කොම මිස් කරගත්ත මම...

🙂🙂🙂🙂

ANGEL BESIDES HIM🌼  [COMPLETED]✔️Where stories live. Discover now