ඇත්ත...

412 82 4
                                    

ඒත් තාමත් සූමින්ගෙ මූනෙ ඒ සොක්ජින් බය උන හිනාව තිබ්බා.

..........................................

ජංකුක් මේ වෙනකොට හිටියෙ හෝසොක්ගේ අපාර්ට්ම්න්ට් එකේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජංකුක් මේ වෙනකොට හිටියෙ හෝසොක්ගේ අපාර්ට්ම්න්ට් එකේ.. කට්ටිය අද සෙට් වෙන්න ලෑස්ති වෙලා හිටියෙ.  එයාලාගේ ජින් හියුන් අද මාසෙකට පස්සෙ කොරියාවට එනවා. කොල්ලො සෙට් එකම හිටියෙ  ජින් එනකන්. එනවා කීව වෙලාවත් ටික ටික පහු වෙන්න ගත්ත නිසා යුන්ගී කෝල් එකක් ගත්තා. ෆෝන් එක රින්ග් වුනත් කවුරුත්ම ආන්සර් කලේ නෑ. එකපාරක් , දෙපාරක් ,තුන්පාරක්  ම්හ් නෑ... කොල්ලගෙ ෆෝන් එක ආන්සර් කරන්නෑ. ජින් සාමාන්‍යයෙන් තමන්ගෙ ෆෝන් එක කොහෙවත් දාන කෙනෙක් නෙවේ නිසා කොල්ලො ටිකත් කලබල උනේ ජින්ට කරදරයක් වත්ද කියලා.

" ජින් හියුන්  අද  ගෙදර ගිහින් එනවා කීවෙ.."

නම්ජුන් එහෙම කියනකොට  අනික් අය ඔලුව වැනුවත් යුන්ගී තවත් දෙයක් කීවා.

"නෑ හියුන් සූව හම්බෙන්නත් යනවා කීවා.."

සූමින්ව මතක් කරද්දි  ජංකුක් ඇස් රෝල් කරේ අනිත් හැමෝටම පේන්න..

"මොකද ජංකුක් ...?"

ටේ එහෙම අහද්දි  අනික් හැමෝමත් බලන් හිටියෙ ජංකුක් දිහා..

"නෑ... නිකන්"

ජංකුක් එහෙම කීවත්  කොල්ලා ඒක කීව විදිය අනිත් අයට ප්‍රශ්නයක් වෙලා තිබ්බෙ.

" ඔයාලා දෙන්න අතරෙ මොකක් හරි ප්‍රශ්නයක්ද...."

ජිමින් එහෙම ඇහුවාම ජංකුක් ජිමින් දිහාට හැරුනෙ  අමුතුම හිනාවක් මූනෙ තියාගෙන.
"දන්නෑ වගේ අහන්න එපා ජිමින් හියුන්.."

"මොකක්ද  ඒ කතාව ජිමින්..........."

නැම්ජූන් එහෙම ඇහුවෙ  අනිත් අයත් ජිමින් දිහා බලන් ඉද්දි...

ANGEL BESIDES HIM🌼  [COMPLETED]✔️Where stories live. Discover now