I love u angel ..

421 77 23
                                    

" නෑ නෑ ඒක වෙන්න බෑ.... එයා ගිහින් ඒක වෙන්න බෑ...."

හිස් වෙච්ච රූම් එක දැක්ක එයාගෙ කොන්ඩෙ අතරින් ඇඟිලි යැව්වෙ කලබලෙන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හිස් වෙච්ච රූම් එක දැක්ක එයාගෙ කොන්ඩෙ අතරින් ඇඟිලි යැව්වෙ කලබලෙන්. ජංකුක්ට තේරුම් ගන්න බැරි හැඟීම් ගොඩක් මේ වෙලාවෙ එයාගෙ හිතේ තෙරපුනා. ජංකුක්ට ගොඩක්ම දැනුනෙ ලොකු කලකිරීමක්.සූමින්ගෙ රූම් එක පුරාම ඇස් අරන් ගිය ජංකුක්ට ඊලඟට ඇති උනේ  පසුතැවීමක්. වින්ටර් එකට  පෙන්ත්හවුස් හවුස් එක උනත් කොච්චර සීතලද කියලා ජංකුක් දන්නවා. හීටර් එකක්වත් නැති මේ රූම් එකේ සූමින් කොහොම බිම නිදාගත්තද කියලා හිතෙනකොට කොල්ලට පලවෙනි වතාවට සූමින් ගැන දුක හිතුනා.

හිමින් සැරේ බිත්තියට පිට දීලා වාඩි උන ජංකුක් කල්පනා කලේ එයා සූමින්ට සැලකුව හැටි. ඒත් ඒ හැමදෙයක්ම දරාගෙන සූමින් හිනාවෙලා හැම යුතුකමක්ම කලා කියලා මතක් වෙනකොට ජංකුක්ගෙ හදවත් ගොඩක් රිදුනා.
ඔව්... කාගෙවත් දුකක් ගැන හිතුව නැති ජංකුක් අද  දුක් උනා.

ඒත්.......... එයා ගොඩාක් පරක්කුයි .

....................

අපාර්ට්ම්න්ට් එක  අඳුරේ ගිලෙනකම්ම ජංකුක් සුමින්ගෙ රූම් එකට වෙලා හිටියා. දවාලේ ලන්ච් ගන්නෙවත් නැතුව ආව  ජංකුක් මේ වෙනකොට පැය පහක් සූමින්ගෙ රූම් එකේ..

එක පාරටම දෙයක් මතක් උන ජංකුක් කාර් කී එකත් අරගෙන ආයෙම පෙන්ත්හවුස් එකෙන් පිට උනා.

ජංකුක් වේගෙන් කා එක ඩ්‍රයිව් කරන් ගියෙ කිම් මැන්ශන් එකට  කිම් මැන්ශන් එක ඉස්සහින්ම බ්‍රේක් කරපු ජංකුක් දොර වහන්නෙවත් නැතුව ඇතුලට දිව්වෙ ජින්, මිස්ටර් කිම් වගේම මිසිස් කිම්  ඇහුන සද්දෙට එලියට එද්දි.
ජංකුක්ව දැක්ක ගමන් ජින්ගෙ ඇස් දෙක රතුවෙන්න වැඩි වෙලාවක් ගියෙ නෑ.

ANGEL BESIDES HIM🌼  [COMPLETED]✔️Where stories live. Discover now