Chapter 2

138 33 0
                                    

"ජිමින්.."

"කියන්න සර්..."

"ඔයාව මෙහෙන් අස්කලා.."

"ඒ ඇයි සර්.."

"සමාවෙන්න..."

කුකීගේ අවශ්‍යතාවන් සපුරලා එන්න දවස් දෙක්කට ගෙදර ගිහින් ආව ජිමිනිට උදේ ඉදන් එයා පාර්ට් ටයිම් ජොබ් කල හැම තැනකින්ම අහන්න ලැබුනේ ඒ පනිවිඩෙයි.

"හ්ම්...එයා ආයේ වැඩ පටන් ගෙන වගෙයි ඔම්මා..."

රෙස්ටුරන්ට් එකෙන් එලියට ආව ජිමිනි ඉර මුදුන් උන අහස දිහා බලන් එහෙම කියලා ලග තිබුන බස් හෝල්ට් එකෙන් ඉදගත්තා.

ටිකක් හරියාගෙන එනකොට ආයෙම අගාදයකට වැටෙන තමන්ගේ,තමන්ගේ පවුලේ අයගේ ජීවිතේ ගැන ජිමිනිට ලොකු දුකක් ඇති වුනා..

අලුත් සපත්තු පොත්පත් එක්කලා අලුත් ඇදුම් අරන් දුන්නම කුකීගේ මූනේ ඇති වුන සතුට..ගෙදරට ඕනි කරන බඩුමුට්ටු අරන් ගියාම ඔම්මගේ මූනේ ඇති වුන වේදනාකාරී හිනාව...

අප්පව බලන්න හොස්පිට්ල් ගියාම ඒ ඇස්වලට පිරුනු කදුලු ජිමිනිව තව තවත් රිද්දුවා..

මනුස්සයෙක් අතින් වැරැද්දක් වුනා කියලා ඒ වැරැද්දට පන්න පන්න දඩුවන් කරන්න ඕනිද...

නෑ...මෙතන තීන්නේ දඩුවමක් නෙමේ පලිගැනීමක්...ජිමින්ගෙන්,ජිමින්ගේ පවුලේ අයගෙන් පලිගැනීමක්...

කාගෙවත් පලිගැනීමකට යටත්වෙලා පහුබහින්න පුලුවන් ජීවිතයක් නොතිබුන ජිමිනි ඉදන්න්හිටි තැනින් නැගිටලා එයාට අලුත් ජොබ් හොයන්න ගත්තා..

Baby bearWhere stories live. Discover now