Chapter 18

92 23 5
                                    

"ආශ්..තාම දැක්කේ නැද්ද..හේයි ටේටේ මන් මෙහෙ..බලන්නකො චුට්ටක්.."

රෝස පදුරක් අස්සෙන් ඔලුව දාලා එහෙම මුමුනන ගමන් ටේගේ අවදානේ ගන්න අත වැනුව ජිමිනි බැලන්ස් එක නැතුව බිම පත පෑවුනේ ගාර්ඩ්න් එකේ වඩිගෙන ටැනීගේ මූනේ ඇස් රදවන් හිටි ටේගේ අවදානේ ඒ දිහාට ගන්න ගමනුයි..

"ආශ්..මෙහෙට ආවත් හරි මගේ වැඩේම බිම වැටෙන එකනේ..මේම ගියොත් මට තුවාල වෙලා තමා නවතින්නේ..☹️"

වැටුන තැනින් නැගිටලා තඩි වලස් ඔලුව හදාගත්තු ජිමිනි ඉස්සරහා බලද්දි ටේටේ එයා ඉන්න දිහා බලන් ඉන්නවා දැක්කම ඉක්මනින් රෝස පදුරට මුවා උනා.

ඊටපස්සේ රෝස පදුරෙන් එලියට ඔලුව විතරක් දාලා ටේටේ දිහා හොරෙන් බැලුවා.

එතකොට ටේටේ එයා දිහා උවමනාවෙන් බලනවා දැක්කම ජිමිනි එයාගේ අතක් එලියට දාලා ටේටේට හායි කිව්වා.

ටේටේ ජිමිනි දිහා තවත් උවමනාවෙන් බලද්දි රෝස පදුරු පිටිපසෙන් එලියට ආපු ජිමිනි එයාගේ අත්දෙකම වනලා ටේට හායි කියලා අත්දෙක උඩට උස්සලා හාට් එකක් හැදුවා..

ඒකෙන් ශොක් උන ටේටේට ටැනියා අතෑරෙද්දි ඊයේ හපන්න බැරි උන ඒවටත් හරියන්න ජිමිනිව හපන්න බලන් ටැනියා ජිමිනි දිහාට දුවන්න ගත්තේ තඩි කෙල ගුලියක් ගිල්ල ජිමිනි පන කඩාගෙන දුවන්න ගද්දියි..

ටැනීට බයේ දුවන තඩි වලස් මහත්තයා දිහා ටේටේ චූටී හිනාවකින් බලන් ඉන්න හැටි මිස්ටර් කිම් ඈතට වෙලා බලන් හිටියේ ඇස්වල කදුලු පුරවන් හිනාවෙන ගමනුයි..

*එයා බය මිනිස්සුන්ටනේ..ඉක්මනින් හොද වෙන්න රෝසමල..*

after two days....

අද ජිමිනී ටේටේ ඉස්සරහට වලස් ඇදුමෙන් යන තුවෙනි දවස..

ඊයේ දවස ටේ ඉදිරියට නොයා මිස්ටර් කිම් එක්ක කම්පැනිවල වැඩ ඉගෙනගන්න වැයකරපු ජිමිනි අද ටේව මුන ගැහෙන්න යද්දි ලිලී මල් බොකේ එක්කුත් අරන් යන්න අමතක කලේ නෑ..

පුරුදු විදිහටම ටැනී එක්ක ගාර්ඩ්න් එකේ තනිවෙලා හිස් හැගීමෙන් ඔහේ ඌ දිහා බලන් ඉන්න ටේව දැක්ක ජිමිනී ටේට ඉස්සරහා තිබුන රෝස පාත්තිය පිටිපස්සට ගිහින් එදා වගෙම ඉස්සෙල්ලා එයාගේ ඔලුව දැම්මා..

Baby bearTahanan ng mga kuwento. Tumuklas ngayon