Chapter 10

130 27 16
                                    

"මෙයා මන් දන්න කෙනෙක්ද..."

"මේ ඔයා නොදන්න කෙනෙක් නෙමෙ.."

කිම්ගෙ ෆෝන් එකේ තිබුන ෆොටෝස් එකින් එක බැලුව ජිමිනිගේ අවදිවුන හඩට මිස්ටර් කිම් ඒ විදිහට උත්තර දෙද්දි ආයෙම ජිමින්ගේ ඇස් දෙක ෆොටෝස් වලට යොමුවුනා..

"ඇත්තටම..කවුද මෙයා..?"

"මගෙ පුතා...."

"ම්හ්..මන් කොහොමද මෙයාව දන්නේ.."

"පුතා කිම් ෆැෂන් එකට ආව අලුත,ඒ කිව්වේ මීට මාසගානකට කලින් කිම් ෆැෂන් එකේ නිතරම ශොපින් කරන්න ඇවිත් ටෙඩියෙක් ඇතුලේ ඉදන් ඩියුටි කරන ඔයාගේ ඇගට පනින කොල්ලා තමයි මේ......"

"ආ...මේ එයාද...සෑහෙන කාලෙකින් දැකලා නැති නිසා මට අදුන ගන්න බැරි වුනා..අනික මට එයාව මුන ගැහුන හැම වෙලේම එයා කොටුවට හිනාවීගෙනනේ හිටියේ..."

කිම්ට වැරදිලා ලගදි ගත්තු ටේගේ ෆොටෝ ඇල්බම් එක ජිමින්ට ඕපන් කරලා දීලා තිබුන නිසා ටේටේ මූන ඇදකරන් දුකින් ඉන්න ෆොටෝස් දැක්ක ජිමිනි එහෙම කියද්දි කිම්ට සුසුමක් පිටවුනා..

"එයා නිතරම හිනාවෙලා හිටි නිසා තමා හැමදේම..මගෙ අසරන කොල්ලා..."

"ම්හ්..එයාට මොකක් හරි ප්‍රශ්නයක්ද..."

"හ්ම්..හිතාගන්නවත් බැරි තරම් ලොකු ප්‍රශ්නයක්.පුතාට පුලුවන්ද මට ඒ ප්‍රශ්නෙ විසදගන්න උදව් වෙන්න.."

"මේ මන්..??😅"

කිම්ගේ ප්‍රශ්නෙත් එක්ක පුදුමෙන් තමන් දිහාට ඇගිල්ල දික් කරගත්තු ජිමිනිට නොදැනිම හිනාගියා...

"මන් මගේ ප්‍රශ්නවත් විසදගන්න බැරිව ඉන්න එකේ මන් කොහොමද සර්ගේ ප්‍රශ්න විසදගන්න උදව්වෙන්නේ..සොරි සර්.."

ඒක අඩන්න ඕනි කාරනාවක් උනත් ජිමින් තවත් ටිකක් හිනාවුනේ තමන් ගැනම දැනුන ආත්ම අනුකම්පාව නිසයි..

"පුතා මගේ ප්‍රශ්න විසදද්දි පුතාගේ ප්‍රශ්න විසදන්න මට පුලුවන්..හැබැයි පුතා කැමති නම්.."

"සර් මොකක්ද කියන්න යන්නේ..."

"ජැකී..එයා නේද ඔයාගේ ජීවීතේ තීන ලොකුම ප්‍රශ්නය...මට පුලුවන් ඔයාගේ ඒ ප්‍රශ්නේ වගෙම අනික් ප්‍රශ්නත් විසදන්න.."

"...??"

"මන් මීට කලින් පුතාව මුන ගැහුන දවසේ ඉදන් පුතා ගැන ගොඩක් දේවල් හොයලා බැලුවා..මන් පුතාගේ ජීවිත කතාව මුල ඉදන් අගට කියෙව්වා.."

"අගට ??"

"ඔව් අගටම....මොකද ජැකී ඔයාගේ කතාවට අවසානය ලියලා තිබුනා.."

"සර් ජැකීව දන්නවද..."

"ඔව් දන්නවා..ඔයා මගේ කම්පැනි එකේ වැඩට ඇවිත් මාසයක් යන්න කලින් එයා මගේ කම්පැනි එකට ආවා..ඒ ඔයාව අස් කරන්න කියලා මට කියන්නයි.."

"අහ්.."

"මන් ඔයාව අස් කරන්න ඕනි ඇයි කියලා එයාගෙන් හේතුවක් ඇහුවත් එයා මට පැහැදිලි හේතුවක් කිව්වෙ නෑ.,

එයා ආපු හැමසැරේකම කිව්වේ ඔයාව කම්පැනි එකේ තියාගෙන මන් කරන්නේ ලොකු වැරැද්දක් කියලා..

එයා එහෙම කිව්වත් ඔයා ගැන කිසිම නරක දෙයක් මට දැනගන්න නොලැබුන නිසා වගෙම මගේ පුතාගේ බලපෑම නිසා මන් ඔයාව දිගටම මගේ කම්පැනි එකේ තියාගත්තා..ඒ ඔයාට තිබුනට වඩා අමතර ජොබ් දෙක තුනකුත් දීලයි.."

"ඇයි එහෙම කලේ..??ඔයාලට මන් නිසා ප්‍රශ්නයක් ඇති වෙයි..."

"හ්ම්...ජැකීගේ බලපෑමට මන් ඔයාව අස් කලොත් ආයේ මනෙක්ක කතාකරන්නේ නෑකියලා මගේ පුතා කිව්වා..එයා තරහා උනොත් තරහා උනාමයි කියලා මන් හොද හැටි දන්න නිසා මන් එයා කියන දේ අහලා ඔයාව මගේ කම්පැනි එකේ තියාගත්තා.ඒ ගැන මන් අදටත් සතුටු වෙනවා..ඒත්.."

"මොකක්ද ??"

"ඒත්..මන් මගේ පුතා කියන දේ අහලත් අද එයා මන් එක්ක කතාකරන්නේ නෑ..,

එයා..එයා හේතුවක් නැතිවම මන් එක්ක තරහා වෙලා...මගේ රෝසමල අද වෙද්දි ගොඩක් මැලවිලා ගිහින්..ම..ගෙ අහිං..සක කොල්..ලා..."

අන්තිම හරියෙදි මිස්ටර් කිම්ගේ කටහඩ බිදිලා ගිහින් ඇස්වල පිරිලා තිබුන කදුලු කම්මුල් දිගේ ගලන් යද්දි ජිමිනි මිස්ටර් කිම්ගේ අත අල්ලන් හෙමීට පිරිමැද්දා...

"සමාවෙන්න සර්..."

"ඔයා සමාව ඉල්ලන්න ඕනි නෑ පුතා.,
මේක මට සැහැල්ලුවක්.මාස ගානක් තිස්සේ හිතේ හිරකරන් ඉන්න මේ දුක මෙහෙම හරි මට පිට කරන්න ලැබුන එක ලොකු දෙයක්..."

තමන්ගේ අතක් උඩ තිබුන ජිමින්ගේ අත ආපිටට අල්ලගත්තු මිස්ටර් කිම් එහෙම කියලා ටිකවෙලාවක් එයාගේ කදුලුවලට ඉඩදීලා එයාගේ දුක තුනී කරගත්තා...

------------------------------------------------------------
කල්පගානෙකින් නේද...🥲 මට ff ටික කන්ටිනිව් කරන්න අයිඩියා නෑ අනේ..🤧

මට ඔයාලව අමතක කරන්න බැරි නිසා පොඩි ගේමක් ගහලා මේ ටික ලියාගත්තා.

හොද නැතිව ඇති..සොරි..🙂💔

Baby bearWhere stories live. Discover now