Chapter 17

100 23 11
                                    

"යනවද නැද්ද...යනවද නැද්ද..."

ජිමිනි හිටියේ එයා කරන්න හදන වැඩේ ගැන දෙගිඩියාවෙන්..

"ඔන්න ඔහේ යමු...වැඩිම උනොත් එයා මට ගහලා පන්නයි නැත්තන් කෑගහයි.."

එහෙම හිතුව ජිමිනී වලහගේ ඔලුවත් දාගෙන ලොකු මිරර් එකෙන් පේන තඩි වලස් රූපේට අතත් වනන් එයාගේ රූම් එකෙන් එලියට ඇවිත් පඩිපෙල නැගලා ටේගේ රූම් එක ලගට ගිහින් ඩෝර් එක හිමින් ඇරියා..

"ඔහ්..ඔය ඉන්න බව්වත් එක්ක ඇද උඩට වෙලා.."

තමන්ටම ඒ විදිහට මුමුන ගත්තු ජිමිනි හෙමීට ඩෝර් එක ඇරන් මුලින්ම එයාගේ ඔලුව ඇතුලට දැම්මා..

"ම්හු..මෙයා බව්වගේ ලෝකේ අතරමං වෙලානේ.."

තාමත් බව්වගේ ඔලුව අතගගා හිනා පොදක් නැති මූනෙන් ඔහේ ඌ දිහා බලන් ඉන්න ටේටේ දිහා බලන් එහෙම මිමිනුව ජිමිනි ඩෝර් එක සම්පූර්නයෙන් ඇරලා ටේගේ රූම් එක ඇතුලට ගියා..

හැබැයි..

"බව් බව්...🐕"

ජිමිනිව දැක්ක ගමන් ටේගේ අත් අතර හිටි ටැනී බුරන්න ගත්තා..

ඒ එක්කම ටේගේ අවදානය ජිමිනිට ලැබුනා..

එයා රූම් එක ඇතුලේ ඉන්න තඩිවහව දැකලා ශොක් වෙද්දි එයාට ටැනීව අත් හැරුනා..

ඒකෙන් උනේ...

"බව් බව්..."

බුරාගෙන ටේගේ අත් අතරින් පැන්න ටැනී ජිමිනිව හපා කන්න පැන්න එකයි..

"ඕ ශිට්..මේ සතා මාව කෑලී කරයි වගේ.."

තමන්ගේ කකුලේ එලීගේන තමන්ව කන්න දගලන ටැනීට බයවුන ජිමිනි ටේගේ රූම් එකේ ඉදලා එයාගේ රුම් එකට දුවන්න ගත්තේ බම්ලෝ කෑවම බෙහෙත් පහක් විදින්න වෙනවා කියලා එයාගේ ඔම්මා දවසක් කිව්ව එක මතක් වෙලයි..

ටැනීයා වලව හපන්න ගත් එකෙන් ශොක් වෙලා හිටි ටේටේ පියවි සිහියට එද්දි බයේ දුවන්න ගත්තු ජිමිනි පස්සෙන් එලවන ටැනීව අල්ලගන්න හිතන් ටේටේ ඇදෙන් බැහැලා රූම් එකෙන් එලියට ආවා..

ඒත්,

"දඩොං 💥"

කලබලෙන් පඩි බහින ගමන් හිටි ජිමිනිගේ කකුලේ ටැනියා එල්ලුන නිසා ජිමිනිව පඩි පේලියේ අන්තිම පඩි තුන බහින්න කලියෙන් ගෙම්බා පොලවේ ගැහුවා වගේ බිම පතබෑවුනා..

ටේඩියාගේ ඔලුව බිම වැදුන නිසා ජිමිනිට වැටුන එකෙන් ප්‍රශ්නයක් ඇති නොවුනත් ටැනියා ඇවිත් ජිමිනිගේ ඇගට පැනලා එයාව හපන්න ගත් නිසා ජිමිනිට තරු විසික්වුනා..

ටැනීව බිම වැටෙන විදිහට දඩ බඩ ගාලා බිමින් නැගිට්ට ජිමිනීට කදුලු පුරවන් ඉන්න මිස්ටර් කිම්ව දැකගන්න ලැබුනා.

"ස්.සර්..."

"මගේ රෝස මල..."

ජිමිනිට පිටිපස්සේ පඩි පෙල දිහා බලන් මිස්ටර් කිම් තොල් මතුරද්දි ඒ පැත්ත හැරුන ටේටේ දැකගන්න ලැබුනේ පුන්චි හිනාවක් එක්ක එයා දිහා බලන් ඉන්න ටේටේව..

ජිමිනි හැරෙනවා එක්ක මිස්ටර් කිම්ව දැක්ක ටේටේ කලබල වුන ඇස් වලින් ජිමිනි දිහයි කිම් දිහයි බලලා එයාගේ රූම්එකට දුවලා යද්දි ජිමිනි එයාගේ වලස්ඔලුව ගැලෙව්වා..

ඒ වෙද්දි මිස්ටර් කිම්ව දැකලා සයිලන්ඩ් උන ටැනියා ටේගේ පස්සෙන් ඒ රූම් එකට ගිහින් හිටියේ..

"මගේ රෝස මල හොද කරගන්න ඔයාට පුලුවන් පුතා.."

ජිමිනි ලගට ඇවිත් පිටට තට්ටු කල මිස්ටර් කිම් එහෙම කියලා කදුලු පිහිනගමන් එයාගේ රූම් එකට ගියා.

------------------------------------------------------------
මේ කතාව 300 vote වෙලා..😃♥️

Baby bearWhere stories live. Discover now