Chapter 14

92 23 7
                                    

"කිම් ටේහියුන්..මගේ රෝස මලගේ නම..
මගේ වයිෆ් මේ ලෝකෙන්‍ යන්න කලින් මට දීලා ගිය වස්තුව.වයිෆ් නැතිව බබාව ලොකු කරගන්න මන් සෑහෙන දුක් වින්දා. ඔම්මගේ අඩුව නොදැනෙන්න මන් ටේට ගොඩාරියක් ආදරේ දුන්නා.

ආසකරන හැමදේම අරන් දීලා නිදහසේ එයාට එයාගේ ජීවිතේ ගතකරන්න දුන් මන් ටික ටික ලොකුවෙන මගේ රෝසමල දිහා බලන් හිටියේ හරි ආසවෙන්..

වැඩි ආදරේ නිසාද කොහෙද මගේ ලමයා හරි හුරතලේට ලාමක විදිහටයි ලොකු වුනේ.අනික් කොල්ලොන්ට වගේ විසේ තිබුනත් ඒක හරිම බොලද විසයක්...

එයා සාමාන්‍ය පිරිමිලමයින්ට වඩා සියුමැලි විදිහට හැදෙද්දි මගේ රෝස මලේ පෙති සීරේවී කියන බය මට ඕනිවටත් වඩා දැනුනා..

ඉතින් මන් මගේ හුස්මටත් වැඩියෙන් මගෙ කොල්ලව රැක්කා..

පුන්චි කාලේ ඉදන් තනියම ඉන්න කැමති උන මගේ කොල්ලගේ මුලු ලෝකෙම වුනේ මන්..ඉතින් එයා හැම නිතරම මන් ඉන්න තැන් වල ගැවසුනා..

එහෙම ගැවසෙද්දි තමයි එයාට ශොපින් මෝල් එකේ හිටි ඔයාව මුන ගැහුනේ..

ටෙඩියෙක් ඇතුලේ ඉදන් මෝල් එකට එන මිනිස්සුන්ව සතුටු කරන ගමන් වගෙම දැන්වීම් බෙදන ගමන් ඉන්න ඔයාගේ ඇගට පනින එක තරම් විනෝද වැඩක් එයාට තිබුනේ නෑ..

ටේගේ මෙයින් බොඩි ගාඩ් උන ජූන් පුතා මට දවසක් කිව්වා එයා දුවගෙන ඇවිත් ඔයාගේ ඇගට පැනලා පොලව බදාගෙන ඔයාට කිස් එක්කුත් දුන්නා කියලා..

එයා පොලව බදාගත්තා කිව්ව ගමන් මන් කලබල උනත් cctv චෙක්කලාම ඇත්තටම පොලව බදන් තීන්නේ ඔයා කියලා මට දැකගන්න පුලුවන් වුනා..

ඔයාගේ අතපය කඩන්නේ නැතිව පරිස්සමෙන් වැඩ කරන්න කියලා මන් කිව්ව වෙලාවේ මගේ කොල්ලගේ මූන බෙරිවුන විදිහ..🤧

එයා මෝල් එකට ආ හැම දවසකම වගේ ඔයාව බලලා යන්න ඔයා හිටියේ නැත්තන් ඔයා කෝ කියලා හොයන්න පුරුදු වුනා ඒ අතරෙදි තමයි ජැකී ඇවිත් ඔයාව අස් කරන්න කියලා මට කිව්වේ...

මන් ඒ ගැන ටේට කිව්ව වෙලාවේ මූන පුම්බගත්තු මගේ කොටි පැටියා ඔයාව අස්කලොත් ආයේ මන් එක්ක කතා කරන්නේ නෑ කිව්වා..

හුරතලේට හැදුන මගෙ මුරන්ඩු කොල්ලා ගැන මන් හොද හැටි දන්න නිසයි ඔයාගේ කිසිම වැරැද්දක් මට නොපෙනුන නිසයි ඔයාව අස්කරන්න මට ඕනි උනෙත් නෑ..

මේ කාලේ වෙද්දි ටේටේ ෆයිනල් එක්සෑම් පාස් වෙලා සෝල් යුනි එකේ ෆස්ට් ඉයර් එකේ ස්ටුඩන්ට් කෙනෙක්..

යුනි ගිහින් මාස දෙකක් යද්දි ටේට අලුත් යාලුවෙක් මුන ගැහුනා.ඒ ලමයා ගොඩක් ලස්සන ගුන යහපත් කියලා හිතන්න පුලුවන් විදිහේ කෙනෙක් නිසා ටේගේ යාලුවෙක් වුනා කියලයි මන් හිතන්නේ..

කොහොමහරි මන් එයා ගැන හෙව්වා.එයා නරක ලමයෙක් නොවන නිසා මන් ටේට එයාව ආශ්‍රය කරන්න ඉඩ දුන්නා..

මන් ඒ ගැන අදටත් පසුතැවෙනවා..

මගේ රෝසමල පර කරන්න ආව තද පෑවිල්ලෙන් මගේ මල බේරගන්න බැරිවුන එක ගැන මන් ගොඩක් දුක්වෙනවා..

"එයාට මොකද වුනේ සර්..."

Baby bearWhere stories live. Discover now