කාලය සතිදෙක්කින් ගෙවිලා යද්දි ජිමින්ට මිස්ටර් කිම්ගෙන් කෝල් එකක් ආවා..
ඒ කෝල් එක නිසා පහුවදා හවස් වරුව ෆ්‍රී කරගත්තු ජිමිනි මිස්ටර්කිම්ව මුනගැහීමේ බලාපොරොත්තුවෙන් බීච්සයිඩ් එකේ පුංචි කැෆේ එක්ක වාඩිගෙන හිටියා..
මිනිත්තු දහයක් ගතවෙද්දි මිස්ටර් කිම්ගේ රූපේ කැෆේ එකට ඇතුලු වෙනවා දැක්ක ජිමිනි පුටුවේ හරි බරි ගැහිලා වාඩිගද්දි එතනට ආව මිස්ටර් කිම් ජිමින් එක්ක සුහදව හිනාවුනා..
"පුතා මන් කිව්ව වෙලාවටත් කලින් ඇවිත්, පුතා මොනාහරි ඕඩර් කලාද.."
"නෑ සර්..."
"ඉන්න මන් මොනාහරි ඕඩර් කරන්නම්.."
ජිමින් ඒකට මොනවත් කියන්න කලින්ම වේටර් කෙනෙක්ට කතාකල මිස්ටර් කිම් එයාටයි ජිමින්ටයි දෙන්නටම කෑම ඕඩර් කරද්දි ජිමිනි සද්දවහන් හිටියා..
"ඉතින් පුතා..මන් පුතාට එන්න කිව්වේ ඇයි කියලා පුතාට ලොකු කුතුහලයක් ඇති නේද...ඔක්කොටමත් වඩා මන් ඔයාට පුතා කියලා කතාකරන එක ගැන..."
ඇගිල්ලකින් ටේබල් එකේ නියපොතු රටා අදින ජිමින්ගේ අවදානේ තමන් දිහාට ගන්න ගමන් මිස්ටර් කිම් එහෙම අහද්දි ජිමින් එයාගේ ඔලුව හෙමීට ඉහල පහල කලා...
"මුලින්ම පුතා මට එදා කරපු උදව්වට ගොඩ ගොඩා...ක් ස්තූතියි..හදීසී වැඩක් නිසා මට අමතක උන ඒ ෆයිල් එක ඒ විදිහටම මට ආයෙම ලැබේවි කියලා මට විශ්වාසයක් තිබුනේ නෑ..හැබැයි ඔයා මට කෝල් කරනකන්ම මට ඒ ෆයිල් එක ගැන මතකයක් තිබුනෙත් නෑ.මොකද මන් එදා ලොකු අවුලක හිටියේ..."
"ම්.."
"එතකොට මන් අද විශේෂයෙන්ම පුතාව මුන ගැහෙන්න ආවේ පුතා එක්ක ගොඩක් වැදගත් දෙවල් කීපයක් ගැනම කතාකර ගන්නයි.."
"වැදගත් දේවල් ??"
"ඔව්.."
"මොනාද ඒ දේවල් ?"
"ඉස්සෙල්ලම පුතා මේ ෆොටෝ එකේ ඉන්න කෙනාව අදුනනවද කියන්නකෝ.."
ජිමින් දිහාට තමන්ගේ ෆෝන් එක දික් කරපු මිස්ටර් කිම් එහෙම කියද්දි ඒ ෆෝන් එක අතට ගත්තු ජිමින් ෆොටෝ එකට එයාගේ සම්පූර්න අවදානය දුන්නා..
ෆොටෝ එක දිහා එක එල්ලේ බලන් හිටි ජිමිනි එයාගේ ඔලුව දෙපැත්තට වනන ගමන් ෆොටෝ එකේ ඉන්න කෙනාව අදුනන්නෙ නෑ කියද්දි අනික් ෆොටෝ ටිකත් බලන්න කියලා ජිමින්ට සන් කල මිස්ටර් කිම් වේටර් ගෙනත් තියප්‍උ එයාගේ ඕඩර් එකෙන් ස්ටෝබරි මිල්ක් එක බොන්න ගත්තා..