Chapter 28

61 11 4
                                    

"අප්පා...ඔයාගේ රෝස මල ගෙදර ආවා..."

බලාපොරොත්තු වුනාට වඩා වැඩි කාලයක් ජේජුවල හිටි ටේටේ ජිමින් එක්ක ගෙට ගොඩ වුන ගමන් එහෙම කෑගහද්දි බුරාගෙනම එයාලා ඉස්සරහට ආවේ ටැනී...

"හනේ..ඔයා මට බනිනවද...මං අහිංසකයි.. මෙයා තමා මාව එහෙ එක්ක ගියේ..."

ටැනීව හුරතල් කරන ගමන් එක දිගට කෑගහන ටැනීට ටේටේ එහෙම කියනවත් එක්ක ජිමින්ට තඩි කෙල ගුලියක් ගිලුනේ ටැනීට ටේ කිව්ව එක තේරුනා වගේ ටැනී ජිමින් දිහා බැලුව නිසයි...

"බබා එපා..එයා මාව හැපුවොත් මන් පව්..."

"ඔන්න ටැනී මෙයාට බැන්නට කමක් නෑ හපන්න බෑ..ඔයා මෙයාව හැපුවොත් මන් ඔයාව හපනවා..."

පුංචි තරවටුවක් එක්ක ටැනීව අත්හැරිය ටේටේ තාමත් ඉස්සරහට නාව එයාගේ අප්පව හොයන් ගෙයි ඇතුලට යද්දි ටැනී ගිහින් ජිමින්ගේ ඇගට පැන්නා..

"ඔයා හොද කුක්කනේ...මට පාඩුවේ ඉන්න දෙන්න..එයාගේ අප්පා තමා මාව එයා එක්ක එහෙ යැව්වේ..."

ටැනීගේ පුංචි හැපුම් පාරවල් වලින් බේරෙන්න බලන ගමන් ජිමින් එහෙම කියද්දි මෙච්චර කල් දැනුන පාලුව කෑගහලා පිටකරමින් ටැනී ජිමින්ව කෙලවලින් නාව නාව හැපුවා..

"අප්පා...!!! මොකද මේ...අනේහ්..අප්පා..."

ටැනීගේ කෑගැහිල්ල පරද්දලා ටේ කෑගහද්දි ජිමින් ඉක්මන්ට ටැනීව පැත්තකට කරලා ටේගේ හඩ ආ දිහාට දිව්වා..

ඒ ගිහාම එයාට දැකගන්න ලැබුනේ නලලෙන් ගලන පුන්චි ලේ පාරක් එක්ක ටේගේ උකුලේ ඔලුව තියන් ඇස් පියවන් ඉන්න මිස්ටර් කිම්ව.

ඒ සුනංගුවට ඇම්බියුලන්ස් එක්කට කෝල් කල ජිමින් මිස්ටර් කිම්ව එයාගේ අත්වලට අරන් ඉක්මනින් ගේට් එක ලගට ගියා...

මිනිත්තු ගානක් ඇතුලත හැමදේම ඉක්මනින් සිද්ද වෙද්දි මිස්ටර් කිම්ව හොස්පිට්ල් එකට එක්ක ගිහින් බෙහෙත් කරන්න ටේ ජිමින් දෙන්නට පුලුවන් වුනා..

ඩොක්ටර්ස්ලා මිස්ටර් කිම් ගැන බලද්දි ජිමින් අඩන ටේ ගැන බැලුවා...

"එයාට එහෙම උනේ මන් නිසයි..."

"එහෙම නෑ පැටියෝ..ඔයා නිසයි අප්පගේ ජීවිතේ බේරුනේ..."

Baby bearWhere stories live. Discover now