Chapter 13

115 25 4
                                    

එදා මිස්ටර් කිම්ව මුන ගැහීමත් එක්ක ජිමින්ගේ ජීවිත කතාවේ නොහිතුව විදිහට වෙනස් වුනා..

ජිමින්ගේ අප්පගේ සර්ජරි එක හොදම විදිහට කරන්න මුලු පිරිවැය දැරුව මිස්ටර් කිම් ජිමින්ටයි පවුලේ අයටයි නවතින්න සෝල්වලින් හුරුබුහුටි අලුත්තාලේ ගේකුයි කුකීට අලුත් ස්කෝලෙකුයි එයාල්ගේ ගාඩ් එකට විශ්වාසවන්ත සේවකයොයි ලෑස්ති කලා..

ඒමදිවට එයා පැරදුන නඩුවේ නඩුගාස්තු පවා ගෙවලා දැම්මේ මේ ණය මිස්ටර් කිම්ට කොහොම පියවන්නද කියලා ජිමින් දහ අතේ කල්පනා කරද්දියි..

උදව්වට උදව්වක් කියලා මිස්ටර් කිම් කිව්වත් ජිමින් වෙනුවෙන් මිස්ටර් කිම්ට සෑහෙන වියදමක් දරන්න වුනා..

ඒක මිස්ටර් කිම්ගේ පොකට් එකට දැනෙන තරම් ලොකු මුදලක් නොවුනට ජිමින්ට කවදාවත් ගෙවන්න බැරි තරම් මුදලක් වුනා..

වෙනස් නගරෙක අලුත් ගෙදරක අලුත් ඇදුම් එක්ක අලුත් ස්කෝලෙක ගෙවන ජීවිතේට කුකී ආස වෙද්දි ජිමින්ගේ ඔම්මා බයෙන් හිටියේ මේ වෙනුවෙන් ජිමින් අනතුරක වැටේවිදෝයි කියලා...

ඒ බය ජිමින්ගේ හිතෙ තිබුනා උනත් එයා ඒක නොපෙන්වා ඔම්මා එක්ක අප්පාව බලා කියාගෙන කුකීගේ සතුටු හිනා මැද්දේ කාලේ ගතකලේ එයාට එයාගේ පවුල එක්ක මෙහෙම ඉන්න ලැබෙන්නේ තව සතියක කාලයක් විතරයි නිසා..

ඒ සතිය ගෙවිලා ඉවර උනාට පස්සේ ජිමින් මිස්ටර් කිම්ගේ ගෙදර නැවතින්න එන්න ඕනී කියලා මිස්ටර් කිම් ජිමින්ට කිව්වේ ජිමින් මිස්ටර් කිම්ගේ ගෙදර ආව මුල්ම දවසෙයි...

ජැකීගෙන් ගැලෙවෙන්න ගිහින් තව කරදරේක පැටලේවී වගේ හැගීමක් ජිමින්ට දැනුනත් මුල ඉදලම මිස්ටර් කිම්ගේ ඇස්වල තිබුන පැහැදිලි බව නිසා ජිමින් ඉවසීමෙන් බලන් හිටියා..

ඒ නැතත් එයාට ජැකීට බිලි වෙන්නවත් එයාගේ පවුල බිලි දෙන්නවත් බෑ..

මෙතනදි එයාගේ පවුල සුරක්ෂිතයි කියන එක ජිමින්ට දැනුනා..ඉතින් විකල්ප මාර්ග නොපෙනෙන මේ කතරේ උදව්වට ඉන්න එකම මනුස්සයව එයා විශ්වාස කරනවා..

ඒ විශ්වාසයෙන්ම සතියක කාලයක් ගෙවුනට පස්සේ ජිමින් කිම් මන්දිරේට පියනැගුවේ මිස්ටර් කිම් කරපු උදව්වලට ප්‍රතිඋපකාර කරන්නයි..

"එන්න පුතා ඇතුලට..මන් ඔයාට රූම් එකක් රෙඩි කරලා තීන්නේ..ඒකේ ඔයාට ඕනි කරන හැමදේම තීනවා.."

"..."

"වොෂ් එකක් දාන් සැහැල්ලු ඇදුමක් ඇදන් එන්නකෝ.ඔයාට පෙන්වන්න කෙනෙක් ඉන්නවා.ඒ වගෙම කියන්න ලොකු කතාවකුත් තීනවා.."

කතාකරන අතරෙම ජිමින්ව එයාට වෙන්වුන රූම් එකට එක්ක ගිය මිස්ටර් කිම් එහෙම කිව්වම ජිමින් ඔලුව වැනුවා..

"එහෙනම් පුතා එනකන් මන් එලියෙන් ඉන්නම්..."

ජිමින්ට වොෂ් දාලා ටිකක් රිලැක්ස් වෙන්න ඉඩ දුන්න මිස්ටර් මිස්ට කිම් ජිමින්ව රූම් එකේ තනිකරලා එලියට ගියා..

------------------------------------------------------------
apobangpo 💜💖💫

Happy 10th anniversary my lovely boys..💙💫

Baby bearOnde histórias criam vida. Descubra agora