Chapter 24

94 18 16
                                    

next day morning

"ගුඩ් මෝනිම් බේබී..."

ඇස් පිහ පිහ කිචන් එකට එන ටේව දැක්ක ජිමිනි හිනාකටක් පුරවන් එහෙම කියද්දි ජිමින් ලගට ආ ටේටේ ජිමිනිව හග්කලා...

"ගුම් මෝනිම්...මට තව දෝ මතයි..."

"ඉතින් තා ටිකක් දෝගන්න..."

"ඔයා නෑනේ ඇදේ..."

ජිමිනිගේ පපුවේ මූන ඇතිල්ලුව ටේටේ එහෙම කියද්දි ජිමිනිට හිනාගියා..

"එහෙනම් අපි උදේ කෑම අරන් තා ටිකක් දොයියමුකෝ..."

"හ්ම්..."

හ්ම් කිව්වත් දිගටම ජිමිනිව බදන් හිටි ටේටේ ඇස් වහන් චූටී නින්දකට වැටෙද්දි ටේගේ ඉනවටේ පටලන් තිබ්බ අත්වල ග්‍රහනේ වැඩිකල ජිමිනි ටේගේ ඔලුව උඩ නිකට රදවන් මිනිත්තු කීපයක් නිහඩව හිටියා..

ඊයේ ටැනීගෙන් පටන්ගෙන එක එක මාතෘකා යටතේ ගොඩක් වෙලා කුරුලු පැටියෙක් වගේ කියෙව්ව ටේටේ නිදාගද්දි සාමාන්‍ය තරමක් රෑ වෙලා තිබුනා...

ටේ නිදාගෙන මිනිත්තු කීපයක් යනකන් ඇහැරන් ටේ දිහා ආදරෙන් බලන් ඉදි ජිමිනි ඒ නලලින් හාදුවක් තියලා එයාව පපුවට  තුරුලු කරන් නින්දට වැටෙද්දි රෑ වෙලා තිබුනත් උදේ තිරරෙදි අතරින් කාමරේට ආ හිරු කිරන නිසා එයා පුරුද්දට වගේ කලින් ඇහැරුනා...

ඉතින් තමන්ගේ පපුව උඩට වෙලා සැපට නිදන් ඉන්න පුන්චි සුරදූතයා දිහා මිනිත්තු කීපයක් බලන් හිටි ජිමිනි තාමත් විශ්වාස කරන්න බැරි තමන්ගේ දෛවය ගැන හිතමින් ටේගේ නලලින් හාදුවක් තවරලා ඇදෙන් බැස්සේ ටේට කොට්ටෙකුත් තුරුලු කරවලයි..

මොකද ටේටේ නිදාගද්දි මොකක් හරිම තුරුලු කරගන්නවා කියලා ජිමිනි දන්නවා.

වෙනදට එයා ලග ඉන්න ටැනිත් නැති නිසා ටේට කොට්ට ටිකක් ලන් කල ජිමිනි කිචන් එකට ගිහින් ඒහැටි කාලයක් යන්න කලින් ටේටේ ඇහැරවුනා..

ජිමිනිව රූම් එක පුරා හෙව්ව ටේටේ රූම් එකෙන් එලියට එද්දි කිචන් එකෙන් ඇහුන සද්ද නිසා නිදිබර ඇස් පිහ පිහ කිචන් එකට ඇදුන ටේටේට ජිමිනිගේ කටහඩ ඇහුනම ඕනී කලේ ඒ පපුවට තුරුලු වෙලා තව ටිකක් නිදාගන්නයි...

Baby bearWhere stories live. Discover now