Chapter 22

96 22 7
                                    

time skip..

ටේටේ මිස්ටර් කිම් එක්ක කතා කරන්න අරන් දැන් සති දෙකක් වෙනවා..

ඒ සතිය ඇතුලෙදි ටේටේ එයාගේ හිතේ තීන දේවල් වචන කරගන්න බැරි උනාම ෆෝන් එකේ ටයිප් කරලා පෙන්වන්න පුරුදු උනා..

එයා මිස්ටර් කිම්ව මෙච්චර කල් මගෑරියේ එයා නිසා මිස්ටර් කිම්ට උන ලැජ්ජාව නිසා වගෙම වෙන්න ගිය විනාසය නිසයිලු..

අවුරුදු විස්සක් පුරාවට කා එක්කවත් යාලු මිත්‍රකම් නොපවත්වා අප්පා එක්ක සතුටින් කාලේ ගෙව්ව එයා අලුත් යාලුවෙක් හොයා ගත් නිසයි මේ ඔක්කොම කියලා හිතුව ටේ එයා නිසා අප්පගේ නමට උන කැලල ගැන ගොඩක් වදවුනා..

මිස්ටර් කිම් දකින වාරයක් ගානේ එයාට පරන සිදුවීම් මතක් වෙද්දි මිස්ටර් කිම්ට මූන දෙන්න පුලුවන් කමක් ටේට තිබුනේ නෑ..ඒකයි එයා මුලින් බයට ඈත්වුනත් පස්සේ පස්සෙත් කිම්ව මගෑරියේ..

ඒත් තමන්ව දැක්කම මූන සුදුමැලි කරන් බය වෙලා බලන් ඉන්ම ටේටේව දකිද්දි කිම්ගේ පපුව කොයි තරම් රිදුම් දෙනවද කියලා ටේටේ දැනන් හිටියනම් එහෙම කරන එකක් නෑ..

අවුරුදු විස්සක් මලක් වගේ පරිස්සමට හදාවඩාගත්තු කොල්ලා තමන්ගේ නමට වඩා ලොකු බව මිස්ටර් කිම් හොද හැටි ටේට පහදලා දුන්නම ටේටේ කිම්ගෙන් ගොඩක් සැරයක් සමාව ඉල්ලුවා...

කොහොමහරි ඒ හැමදේම සමාදාන වෙද්දි ටේටේ කිම් එක්කයි ජිමින් එක්කයි හරි සැහැල්ලුවෙන් කාලේ ගතකලා..

එයා ටික ටික කතකරන්නත් ඉගෙන ගත්තා..

ඒ වගෙම ටේටේ ජිමින් එක්ක කතාකරලා එයාගේ විස්තර දැනගත්තා..ඒත් ජිමින් කියන්නේ එයා මැරි කරන්න ඉන්න කෙනා කියලා ටේටේ දැනන් හිටියේ නෑ..

එයා දැනන් හිටියේ වලස් මහත්තයගේ නම ජිමින් කියලයි එයාලා එක වයස් වල කියලයි ජිමිනිගේ පවුලට කිම්, උදව් කල නිසා ජිමිනි ටේව හොද කරන්න පොරොන්දු වුනා කියලයි..

මිස්ටර් කිම් ඒ ඇරෙන්න කිසිම දෙයක් නොකියා ඉද්දි ජිමිනිත් ටේට කිසි දෙයක් නොකියා ටේව සම්පූර්නයෙන් හොද කරගන්න විතරක් එයාගේ අවදානය දුන්නා..

Baby bearWhere stories live. Discover now