Chapter 6

105 32 0
                                    

"හෙලෝ...මේ මිස්ටර් කිම් ද..."

"ඔව්..මේ කවුද කතාකරන්නේ.."

"ම්..මේ මන් කිම් ෆැෂන් ශොපින් මෝල් එකේ ක්ලීන් සේවිස් එකේ වැඩ කරන කෙනෙක්..."

"ඔව් කියන්න..."

"ඊයේ රෑ මන් මෝල් එකේ රෙස්ටුරන්ට් ෆ්ලො එක ක්ලීන් කරනකොට සර්ගේ ෆයිල් එකක් ලැබුනා.මන් ඒක කෝමද සර්ට දෙන්නේ කියලා දැනගන්නයි කතාකලේ..."

"මො..? මගේ ෆයිල් එකක්.."

"ඔව්..කලුපාට ලොකු ෆයිල් එකක්.."

"ඕ මයි ගෝඩ්..."

ජිමිනිගේ ඒ වචන එක්කලා කිම්ගේ මතකේ ඇවිස්සෙද්දි එයාගේ කටහඩ ගොඩක් කලබල කාරී එකක් වුනා..

"මන් ඒක සර්ට බාර දෙන්න ඕනී කොහොමද..."

"ඔයා ඒකේ ඇතුලේ තීන ඒවා බැලුවේ නැද්ද..."

"ම්..මන් බැලුවා සර්..ඇත්තටම මේ ෆයිල් එකේ අයිතිකාරයා දැනගන්න මට ඒක බලන්න සිද්ද වුනා..ඒකෙන් තමයි මට සර්ගේ කාර්ඩ් එක හම්බුනේ.."

මිස්ටර් කිම් තමන් ගැන වැරදියට හිතාවි කියලා බයට ජිමිනි වඩා පැහැදිලි පිලිතුරක් මිස්ටර් කිම්ට දෙද්දි කිම්ගේ ඇස් දෙක පුදුමෙන් ලොකු වුනා..

"ඔයා අද මෝල් එකේ වැඩට එනවද..."

"ඔව් සර්..."

"මට ඔයාව මුන ගැහෙන්න පුලුවන් වෙලාවක් කියන්න.."

"අහ්.."

"ඔයාට පුලුවන්ද හවස හතර වෙද්දි ඔය ෆයිල් එක තිබුන ටේබල් එකට ඇවිත් ඉන්න.."

"ඔව් පුලුවන් සර්.."

"එහෙනම් කෝල් කලාට ස්තූතියි..."

කෝල් එකේ එන්ඩ් එකට මිස්ටර් කිම්ගෙන් පිටවුන ඒ වාක්‍ය නිසා ජිමිනිගේ මූනේ හරි ලස්සන හිනාවක් ඇදුනා..

Baby bearWhere stories live. Discover now