Chapter 25

89 12 2
                                    

"සිමිනී..."

"ම්.."

"සිමිනීඊඊඊ..."

"ඕ කියන්න මැනික..."

"අනේ බලන්නකෝ මා දිහා..."

වටේම රතුකරන් ඉර මුහුදේ ගිලිලා යන දිහා ජිමිනි එක්ක බලන් හිටි ටේටේ ඉර ගිලිලා මිනිත්තු කීපෙකට පස්සෙත් මුහුද දිහා බලන් ඉන්න ජිමින්ගේ අවදානය එයා ලගට ගන්න උත්සහා කරද්දි ජිමින්ගේ මූනේ හිනාවක් ඇදුනා..

"කියන්න මැනික..."

ටේගේ කම්මුලක් මෘදුව සිපගත්ත ජිමිනි එහෙම කියද්දි ටේටේ තොල් උල්කරන් ජිමිනි දිහා බැලුවා...

"මගේ මැනිකට මොනවද ඕනී..."

ටේටේගේ හැම ඉරියව්වක් ගැනම සැලකිලි මත් ජිමිනි එහෙම අහද්දි ටේගේ මූනේ ලස්සන හිනාවක් ඇදුනා..

"මෙහ්...අද රෑට අපි මොකද කරන්නේ...."

"ම්...අද දවසම ඔයාට මහන්සි දවසක් නිසා හොද වොෂ් එක්කට පස්සේ බන්ඩිය ෆුල් කරන් තුරුල් වෙලා දොයියන එක.."

"හනේ...මොකක්ද අයියෝ..."

"ඇයි..මගේ පැටියට තව මොනාහරි කරන්න ඕනීද..."

"අපි දවස් තුනකට මෙහෙ නතරවුනේ ඇයි.."

"අපේ හනිමූන් එකට..."

"එතකොට අපි මොනාද මේ කරන වැඩ..."

"අපේ ජීවිතේට ලස්සන මතක එකතු කරගන්න එක..."

"ආස නැද්ද මන් එක්ක තව ලස්සන මතකයක් එකතු කරගන්න..."

ලැජ්ජාව පිරුනු ඇස් වලින් ජිමිනි දිහා බැලුව ටේ එහෙම අහද්දි තමන්ගේ උකුලේ ඉන්න ටේව තදින් හග් කරගත්තු ජිමිනි ටේගේ නහය යන්තමින් හැපුවා..

"ඔයා එක්ක එකතු කරගන්න ලස්සන මතක ගොඩක් තියේ...ඒවා කාලයත් එක්ක හෙමින් සැරේ එකතු කරගන්න ඕනී...අපි තව කල් ජීවත් වෙනවනේ.."

"ඒත්..අප්පා..එයා තව කල් ඉන්නේ නෑනේ.."

"බේබී..?!"

ටේගේ වචනත් එක්ක පුදුමයට පත්වුන ජිමින් ටේගේ ඇස් දිහා බලන්න උත්සහා කලත් මෙච්චර වෙලා ඔලුව හරවන් ජිමින් දිහා බලන් හිටි ටේටේ ඒ ඇස් මගෑරලා නිමක් නැති මුහුද දිහා බැලුවා...

Baby bearحيث تعيش القصص. اكتشف الآن