#1-First Howl

268 27 173
                                    

"දුවන්න.. දුවන්න.. කකුල් දෙකට විවේකයක් අවශ්‍ය වන තුරු දුවන්න.. රංචුව සොයා ඇවිදින්න.. ඉක්මනින් ඔවුන් පසුපස හඹා යන්න.."

සේබොම් කියන අද්භූත නගරෙ එක කෙලවරකට වෙන්න තිබුනු තට්ටු තුනක මහල් නිවාසෙක උඩම තට්ටුවේ තිබුනු පස් වෙනි කාමරේ ඇතුළෙ හිටිය පොඩි කොල්ලෙක් මේස ලාම්පු එලියෙන් තමන් ආසම කරන පොතක් කියවන්න පටන් ගත්තෙ ඒ වෙද්දි ගෙදර අනික් අය හැමෝම නින්දට ගිහින් තිබුනු නිසා.

ඒ ගෙදර තට්ටු තුනකට තිබුනට එහෙ හිටියෙ ලොකු ගෑනු ළමයෙකුයි එයාගෙ පොඩි මල්ලිලා දෙන්නයි විතරයි.

මේ වෙලාවෙ ඔය මල්ලිලා දෙන්නගෙන් පොඩි කෙනා තමයි ඔය පොත කියවන්න පටන් ගත්තෙ.

?? : හ්‍යුන් ?? මේ කතාව අහන්නෑද?? නැගිටිනවකො හලෝ !! තාම පාන්දර එකයිනෙ? ඔයා නම් මහ කම්මැලියෙක් හ්‍යුන් !

ඒ වෙලාවෙ අනික් කෙනත් එයා ළඟම හිටියට එයා නම් හිටියෙ බෙඩ්ෂීට් එක ඔළුවෙ ඉඳන් පොරවන් උඩුබෙලි අතට නිදාගෙන.

මහ ලොකුවට පොත කියවන්න ගත්තට පොඩි එක්කෙනා සමහර වචන කියාගන්නවත් තාම හරියට දන්නෑ.ඒත් කොල්ලගෙ වැඩේම කරන්න බැරි වැඩක් අල්ලන් කරන්න දඟලන එක.

අර කීවත් වගේ ඒ වෙද්දි වෙලාව පාන්දර එකයි.

ඒ දෙන්නම තුන් වෙනි තට්ටුවේ ඉද්දි දෙවනි තට්ටුවෙත් කට්ටියක් හිටියා.

ඒ එහෙ බෝඩ් වෙලා ඉන්න කොල්ලො ටිකක්.

තම තමන්ට කාමරේ ගානෙ තිබ්බට ඔය කොල්ලො ගොඩක් වෙලාවට ඉන්නෙ තම තමන්ගෙ කාමරවල නම් නෙවෙයි.

(කාමර අංක 1)

?? : ආශ් බොම්ග්‍යු-යා !?? පොඩ්ඩක් ගොරවන්නැතුව හිටහන්කො ! පාඩුවේ වැඩක් කරගන්නත් නෑනෙ මට !

ඒ වෙලාවෙ කාමර අංක එකේ කොල්ලො දෙන්නෙක් හිටියා.එක්කෙනෙක් හිටියෙ පොත් මේසෙ උඩ තිබුනු මේස ලාම්පුවත් පත්තු කරන් උණු උණු කෝපි එක්කුත් බිබී පොතක් අස්සට බැහැගෙන.

ඒ අතරෙ අනික් කෙනා හිටියෙ අරයා වාඩි වෙලා හිටිය පුටුව ළඟ බිමට කාපට් එක්කුත් එලාගෙන ටෙඩියෙක් කියලා හිතන් අර කොල්ලගෙ කකුලකුත් බදාගෙන ගොරව ගොරව නිදාගෙන.

Chasing Scent Of You || Fantasy || ☑Where stories live. Discover now