#30-Wiped Her Tears

32 13 77
                                    

ඒ ආව කෙනා කවුරු වුනත් හරුආ එයාවත් එයා හරුඅවත් අඳුනනවා.ඒ වගේම එයා මේ වෙන දේවල් ගැනත් දැනගෙනයි හිටියෙ.

Harua : හ්.. හ්‍යු..න්?

?? : අනේහ්.. ඔහොම බලන්න එපා කොල්ලො ! හ්‍යුන්ගෙ හාටුව ලෙෆ්ට් වෙයි.. කමක් නෑ කමක් නෑ කවුරු කොහේ ගියත් මේ හ්‍යුන් උඹලට ඉන්නවා හරූ !

එයා එහෙම කීවෙ හරුඅගෙ ඇස් වලින් ඉබේම කඳුළු වැටුණු නිසා.ඒ වෙලාවෙ හරුආ හිටියෙ තදටම උණ හැදිලා.මොකද කීවොත් කලින් දවසෙ රෑ වුන දේවල් එක්ක එයා හිටියෙ ඩිප්‍රෙස්ඩ් වෙලා.

ඒක නිසා ඒ ආව කෙනා හරුඅට බොන්න කියලා මුලින්ම හදන් ආවෙ උණුම උණු කිරි එකක්.ඒත් හරුආ කිරි බොන්නෑ කියලා මතක් වුනාම එයා සුප් හදන්න පටන් ගත්තෙ සාමාන්‍ය විදියට නම් නෙවෙයි.

එයා ඒකට මැජික් පවර්ස් පාවිච්චි කළා.ඒක නිසා තමයි එයා විශේෂ.

අන්තිමට එයා හරුආ ළඟට ඇවිත් උණු වතුරින් තෙත් කරපු සුදු පාට ලේන්සුවක් හරුඅගෙ නළලෙන් තියලා හරුඅට සුප් පොවන්න පටන් ගත්තෙ තමන්ගෙම සහෝදරයෙක් වගේ.

?? : නූනා අද එනවමයි හරූ ! ඒක හින්දා ඉක්මනට සුප් එක බීලා හ්‍යුන් ගෙනාව බෙහෙතුත් බොන්න ඕනි හරිද??

Harua : ත්.. තා..කි?

?? : අපොයි නෑ නෑ ! ඒක හීනයක් විතරයි කොල්ලො !! උඹ හීනයක් දැකලා බය වුණා.එච්චරයි හරිද? හීන කව්ද බං ගනන් ගන්නෙ? ඕවා ගැන හිතන්න එපා බොරුවට.අපි සින්දුවක් අහමු.ඕකේ?

Harua : ම්..?

?? : අඩේහ්.. ෆෝන් එකේ බැට්‍රි බැහැලා බං ! අවුලක් නෑ.. මම ලයිව් සින්ග් කරන්නම් එහෙනම්..

හරුඅට සුප් එක පොව පොව කම්මැලිකම යන්නත් එක්ක එයා සින්දුවක් කියන්න පටන් ගත්තෙ එයාට ගොඩක් ලස්සනට සින්දු කියන්න පුළුවන් නිසා.

එයා ඒ වෙලාවෙ කීවෙත් හරුආ ආසම කරන සිංදුවක්.ඒ තමයි TXTලගෙ ito කියන සිංදුව..

කොහොමහරි දවල් වෙද්දි සූබින් සෝයොන් ඩබල හිටියෙ අලුත් බන්ග්ලෝ එකට වෙලා ඉස්සරහට කරන්න ඕනි දේවල් ගැන කල්පනා කර කර.

Yeon : හ්ම්.. ඔයා හරි.. අපි විසාඩ්ස්ලා නිසා අපිට බෑ කාගෙවත් පැත්තක් ගන්න.අනික අපිට අවසර නෑ මේවට මැදිහත් වෙන්න.ඒකට තමයි committee එකෙන් ඇවිත් ඉන්නෙ.

Chasing Scent Of You || Fantasy || ☑Where stories live. Discover now