#22-Need Her Blood

35 13 102
                                    

යූනා හරුටොයි ජන්ග්වොනුයි ගැන කීවම නිදියන් ඉන්න මිනිස්සු නිකන්ම ඇහැරුණා.වැස්ස වැස්ස කියලා බලන්නැතුව ඒ දෙන්නත් ඉක්මනටම ඉස්කෝලෙ යන්න ලෑස්ති වුනේ වෙන කවුරුත් නිසා නෙවෙයි.ඒ අලුතින් හම්බුනු යාලුවෝ ටික නිසාම තමයි.

මේ වෙද්දි ට්‍රිපල් ජේ හිටියෙ ඉස්කෝලෙ යන්නත් ලෑස්ති වෙලා යොන්ජුන්ගෙ කාමරේට වෙලා එයා එක්ක ක්‍යුන්ග්මින් ගැන කතා වෙන ගමන්.

Yeonjun : අවුලක් වෙයිද ට්‍රිපල්?

Triple J : අහ්.. නෑ නෑ.. ඩෝන්ට් වොරි ! මම මිස් ෂිගේටට කීවා මේ ඉන්නෙ ඔයාගෙ මල්ලි කියලා.එයා මොකුත් කීවෙ නෑ අනේ ! 'මේක ඔයාලගෙ ෆ්ලෝ එකනෙ?ඔයාලට කැමති විදියට ඉන්න පුළුවන්නෙ?ඔයාලගෙ යාලුවෝ පවුලෙ අය කවුරු මෙහෙට ආවත් මට ප්‍රශ්නයක් නෑ' කියලා තමා එයා කීවෙ.

Yeonjun : ඔහ්.. මිනිස්සු නරකයි කීවට මිනිස්සු අතරෙ එහෙම නැති අයත් ඉන්නවා නේද ?? අහ්.. අනේ මංදා මට නම් කිසි දෙයක් හිතාගන්න බෑ.

Triple J : ඔයා ස්ට්‍රෙස් වෙලා ඉන්නෙ බොරුවටනෙ? කෝ මගේ දිහා බලන්නකො.. ඔය ඉතින්? ඔයාගෙ ඇස් දෙක?? ඒවට විවේකය ඕනි.මට කියන්න.. ඔයා නිදාගන්නම් කියලා කීවට නිදා ගත්තෙ නෑ නේද ඊයෙ?

ට්‍රිපල් එහෙම ඇහුවෙ යොන්ජුන්ගෙ ළඟටම ළං වෙලා  එයාගෙ ඇස් දෙක දිහා බලාගෙන.

Yeonjun : මට... මට රංචුවට යන්න ඕනි.ඒත්? සූබින්? කායි??

Triple J : එයාලට තවම අපි මේක කීවෙ නෑනෙ? හොඳ හුස්මක් අරන් ලෑස්ති වෙන්න අපි යන ගමන් එයාලට ඇත්ත කියලා හිත නිදහස් කරගමු.බය වෙන්න එපා.ඕනි දේකට මේ ට්‍රිපල් ඉන්නවා කියලා මතක තියාගන්න.

ට්‍රිපල්ගෙ හිනාවයි දැඟලිල්ලයි එක්ක යොන්ජුන්ට එදා උදේම තිබුනු කැළඹුණු මනසට ලොකු සහනයක් දැනෙන්න පටන් ගත්තා.

ඇත්තටම තමන්ගෙ ළඟම ඕනිම වෙලාවක ඉන්න සහකාරියක් ඉන්නවා කියන්නෙ ඒ කෙනා ලබපු ලොකු වාසනාවක්.

Yeonjun : ට්‍රිපල්? ගුමාවෝයෝ..

යොන්ජුන් එකපාරටම එහෙම කීවෙ තමන්ගෙ ඉස්සරහට වෙලා තමන්ව ධෛර්යමත් කරපු ට්‍රිපල්ව තමන්ගෙ තුරුලටම ළං කරගන්න ගමන්.

Chasing Scent Of You || Fantasy || ☑Where stories live. Discover now