#1-It Is Not A Solitary Goodbye

37 14 143
                                    

හසුකිලා යන්න ගියත් හරි සේබොම්වල හැමදේම වෙනස් වෙලා ගියා.

හසුකි කීව විදියටම ටේහ්‍යුන් ෂිගේටා විලා එකේ ජීවත් වෙන්න පටන් ගත්තෙ බොම්ග්‍යුලත් එක්කමයි.

ඒ වෙනකොට බොම්ග්‍යුයි ටේහ්‍යුනුයි ලිඔයි හිටියෙ එහෙ දෙවනි තට්ටුවේ පදිංචියට ඇවිත්.

ඒ වගේම යොනුයි සූබිනුයි පොඩ්ඩියො ටිකයිත් ආයෙම එහෙට ආවෙ දැන් ඒ විලා එක අයිති විසාඩ්ස්ලට නිසා.

Taehyun : ආශ්...! යූනා !! යූනී !! වොනී ‍!! මොකද්ද තමුන්ලා මේ කරලා තියෙන්නේ !???

ටේහ්‍යුන් මුලු ගේම දෙවනත් වෙන්න කෑගැහුවෙ ඒ වෙද්දි එයාලගෙ කිචන් එකේ බඩු හැමතැනම වට්ටලා දාලා තිබුන නිසා.එයා දැනන් හිටියා ඒක කළේ කව්ද කියන්නත්.

Yeon : අහ්? මොකද්ද ඒ සද්දෙ?? ළමයී...! ඔයාලට බැරිද අර අජොස්සිව අවුස්සන්නැතුව ඉන්න තත්පරයක්වත් ??

ඒත් එක්කම පහළ හිටිය යොන් ට්‍රිප්ලට්ස්ලා තුන් දෙනා දිහා බලලා එහෙම කීවෙ ඒ වෙලාවෙ ඒ තුන් දෙනා සාලෙට වෙලා කකුල් අතපය උඩ දාන් හොඳට ටීවි බල බල කට පිරෙන්නම ලොලිපොප් පුරවන් හිටිය නිසා.

Yoonie : අනේ අම්මපා ඔය ටෙට් ටෙට්.. ටෙරී අජොස්සිට බෑද අජොස්සි පට්ටම තියන් කටවහන් ඉන්න?

Wonie : පොරට ඕනි හරාබොජි පට්ටමද කොහෙද..!

Yeon : තව ටිකක් වෙලා මට ටේහ්‍යුන්ගෙ සද්දෙ ඇහුනොත් ඇත්තමයි මම ඔය තුන් දෙනාට...!! අද රෑ කෑම නෑ ! ලොලි පොප්ම කකා ඉන්න එකයි ඇත්තෙ තුන් දෙනාම !!

යොන් එහෙම කියන් අතේ තිබ්බ කොස්සත් අරන් කාමරේ පැත්තට ගියේ බාගෙට අස් කරපුවා ආයෙම අස් කරන්න ඕනි නිසා.

Yoonie : ඒ මේ..! තමුන් අපිට මේවා පුරුදු කළානම් ගිහින් තමුන්ම විසඳලා එන එකයි ඇත්තෙ !

Wonie : අන්නේකයි ! ඔයා කීවෙ නැත්තම් අපි කොහොමද දන්නෙ ටෙරී අජොස්සිගෙ කිචන් එකේ ටින් එකක් පිරෙන්නම ලොලීස් තියෙනවා කියලා?

Yoona : අපෝ හරි හරි වදේ !! කන්න ගෙනත් දීලත් මුංගෙ සැර බලන්න එපෑ ‍!

එකවැර ලොලි පොප් තුනක්ම කටේ ඔබන් හිටිය යූනා කොන්ඩෙත් අවුස්ස අවුස්ස උරහිසෙන් පාතට වැටෙන්න තිබ්බ ටීෂර්ට් එකත් හද හද උඩට ගියේ ටේහ්‍යුන්ගෙ කෑගැහිල්ල නිසාමයි.

Chasing Scent Of You || Fantasy || ☑Where stories live. Discover now