#10-The Beginning

51 15 67
                                    

කේ අනතුරක් කියලා හිතුවෙ ඒ කටහඬ එයාට අහලා පුරුදු එකක් නිසා.

K : මාකි??

වෘක කන ගොඩක් ඉක්මනට සංවේදි වෙන නිසා කේට ගොඩක් දුරින් තියෙන සද්ද බද්ද වුනත් අහන්න පුළුවන්.

ඔය වෙලාවෙ කේට ඔය ඇහුනෙ ඉස්සරලා මාකි කිටී හූරපු වෙලාවෙ කෑගහපු කෑගැහිල්ල.

Taki : අහ්.. හ්‍යුන් ඇවිත් බං !

Niki : වාහ්.. මගෙ මෙට්ටේ !!

ඒත් එක්කම තාකියි නිකියි නිදි කිර කිරම ඇවිත් කේගෙ ඇඟට පත බෑවුනේ හැමදාම වගේ ඔය ඩබල නිදාගන්නෙ කේ ළඟ නිසා.

අන්තිමට ඉතින් කේත් මාකි ගැන හිතන්නැතුව එහෙම්ම නින්දට ගියා.

කොහොමහරි එදා රෑ කිටී හිටියෙත් ට්‍රිපල් එක්කමයි.කායිටත් සූබින් එක්ක නින්ද ගිය නිසා කිටී ගැන ගානක් ගියෙත් නෑ.

කොහොමහරි එදා දවස ඒ විදියට තමයි ගෙවිලා යන්නම ගියේ.

පහුවදා උදේ වෙද්දි හැමෝටම කලින් වගේ ඉස්කෝලෙ යන්න  ලෑස්ති වෙන්න සිද්ධ වුණා.

වෙනදට වඩා දැන් ෂිටේගා විලා එකත් ගොඩල් කලබලකාරීයි.විශේෂෙන්ම ගෑනු ළමයින්ගෙ ෆ්ලෝ එක.

Yoonie : ඔහ්.. වැඩේ හරිද ?? මැසේජ් එක දැම්මද??

Yoona : නෑ යූනියා ! අපි ලියුමක්නෙ තිබ්බෙ දොර ළඟ !?

Wonie : තව ටිකක් හයියෙන් කියන්න බෑද?? තව ටිකක් සද්දෙ වැඩි කළානම් මේකෙ ඉන්න හැම එකාම ඕක දැනගයි !

Yoonie : ආව් !! ඉතින් ගහන්න ඕනිද ඕකට !? ඉන්නවකො මම අද කරන්න හොඳ වැඩක් තමුසෙට !!!!!

Yoona : අනේ ! නවත්තන්නවලා ඕක !!!!! රණ්ඩු වෙන වෙලාවක් නෙවෙයිනෙ මේක?

මේ වෙලාවෙ ඔය තුන්දෙනාම ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙවී කතා වුනේ සූබින්වයි යොන්වයි කපල් කරන්න ගහපු ප්ලෑනක් ගැන.

මේ වෙද්දි ඒකෙ පළවෙනි පියවර අති සාර්ථකව මේ ත්‍රිබල තිතටම කරලයි තිබුනෙ.

මේ වෙද්දි යොන් නම් හිටියෙ එලියට බහින්න දොර ළඟට වෙලා අර තුන් දෙනා එනකන් බලාගෙන.

ඒත් එක්කම කොල්ලො ටිකත් ජැන්ඩියට ඇඳන් එලියට ආවෙ බොම්ග්‍යුයි ටේහ්‍යුනුයි නෑ කියලා ගානක්වත් නැතුව.

Chasing Scent Of You || Fantasy || ☑Where stories live. Discover now