#6-Ich Liebe Dich

52 17 51
                                    

එකපාරටම අර පූසා නොහොත් කිටී බොම්ග්‍යුගෙ අත හපපු නිසා බොම්ග්‍යු ඒ වෙලාවෙ කෑගැහුවෙ ඒ දත් පාරවල් ගොඩක් තියුණු හින්දමයි.

කිටී එයාගෙ හැපුවෙ භාරකාරයට ඇරෙන්න අනික් අය එයාව අත ගානවට එයා ආස නැති නිසා.

ඒක නිසා කිටී දුවගෙනම ගිහින් පැන්නෙ කෑම මේසෙ හිටියෙ කායිගෙ ඔඩෙක්කට.

Kai : කිටී කිටී?? බක් කෑවද සුදූ?? ඔයාට කුක්කු හදලා දෙන්නද මම??

Soobin : ඔව් ඔව් කුක්කුම තමා දෙන්න වටින්නෙ කැළෙන් අහුළං ආවට !

කායි කිටීගෙ ඔළුව අතගාන්න ගාන්නම කිටී පුරු පුරු ගගා එයාට තුරුල් වුනේ ගොඩක් ආදරෙන්.

මොකද කීවොත් ඒ තමයි එයාගෙ භාරකාරයා.

Kai : කිටී? කුක්කු බීලා නිදාගන්න යමු ආ? අනා.. ඔයා හරි කියුට් මගෙ පුළුන් බෝලේ... උම්මා උම්මා උම්මා..

අන්තිමට කායි කිටීවත් උස්සන් කිචන් එකට ගියේ කිටීට බොන්න දෙන්න කිරි හදන්න.

මේ වෙද්දි මාකි නම් හිටියෙ හරුඅගෙ කාමරේට වෙලා හරුආ එක්ක ලොකූ කතාවක.

Harua : ආ..හ්. මාකි? වද නොදී යනවද මෙතනින්??

Maki : ඉච් ලිබ් ඩිච් ! ඉච් ලිබ් ඩිච් ! ඉච් ලිබ් ඩීඊඊඊච්ච් !!!!  යන්නෙ නෑමයි.

Harua : ඔහ්හ්... මාකියා? එදා මම අර පොත විසි කළාට සමා වෙයන්.

Maki : ඉට්ස් ඕකේ හ්‍යුනෝ..! මොකෝ කියන්නෙ මම ගන්නද ඔය ඔළුවෙ කැක්කුම?

Harua : අපෝ නෑ නෑ ඕනි නෑ.. යන්න ගිහින් චේන්ජ් එකක් දාන් එන්න.තාම ඔය ඇ‍ඳුම් පිටින් ඉන්නවා දැක්කොත් නූනගෙන් අහගන්න වෙයි.

හරුඅව ඉඹලා ඉඹලා මාකි තමන්ගෙ කාමරේට දිව්වෙ වොශ් එකක් දාන් ඇඳුම් මාරු කරගන්න බලන්.

ඒ අතරෙ......

"අවූඌඌඌඌඌහ්හ්" ( howling )

කාමරේ තනියම හිටිය හරුඅට ලොකු වෘක හූවක් ඇහෙන්න පටන් ගත්තෙ ඇඟේ මයිල් කෙලින් කරවගෙන.

Harua : ඔහ්.. ව්.. වෘකයො??

ඒ සද්දෙ එක්ක හරුඅට මැවි මැවී පෙනුනෙ අර උදේ දැකපු වෘකයාවමයි.

Chasing Scent Of You || Fantasy || ☑Wo Geschichten leben. Entdecke jetzt