#19-If He Survived...

28 12 30
                                    

කොහොමහරි ඉතින් වැස්ස කියලා බල බල ඉන්නැතුව සූබින් කුඩේකුත් නැතුවම කාර් එකේ ඩ්‍රයිවින්ග් සීට් එකෙන් එලියට බැස්සෙ හැප්පුනයි කීව මනුස්සයව බලන්න.

ඒත් ඉතින් කුඩේකුත් අටවන් යොන් සූබින් එක්කම කාර් එකෙන් එලියට යන්න අමතක කළෙත් නෑ.කොහොමහරි ඉතින් ළඟට ගිහින් බලද්දි තමයි එයාලත් හරියටම දැක්කෙ ඒ හිටිය කෙනාට මොකද්ද වෙලා තිබුනෙ කියලා.

සූබින් කීවත් වගේම එයා කාර් එකට හැප්පුනේ නැතුවම තමයි බිම වැටිලා හිටියෙ.කවුරු වුනත් කරදරේක හිටිය කෙනෙක් නිසා යොනුයි සූබිනුයි එයා විලා එකට එක්කන් යන්න හිතාගත්තෙ මේ වැස්සෙ එයාව මග දාලා යන්න බැරි නිසා.

ඒ අතරෙ හීසුන්ග් හිටියෙ බලෙන්ම ගෙදර එක්කන් ගිය නිකීට හොඳ උපදෙස් ටිකක් දෙන ගමන්.

Heeseung : ජන්ග්වොන් ! මොනවද බල බල ඉන්නෙ? මෙන්න මූව පිහදාලා උඹෙ ඇඳුමක් අන්දලා ගනින්.උඹට සේරටම කලින් ඕපෙ අහගන්නනෙ ඕනෙ නේ? අවුලක් නෑ උඹ මුගෙ මයින්ඩ් එක අවුස්සලා කියවලා බලහන් මොකද්ද වුනේ කියලා.හ්ම්.. නිකී? ගිහින් ඔවා චේන්ජ් කරන් වරෙන්කො.අපි ඊට පස්සෙ කතා කරමු.

Jungwon : අහ්.. හරේ.. නිකියා? වරෙන් මාත් එක්ක.ඒක නෙවේ හ්‍යුන් මේ?? රාමෙන් ගෙනාවද?

Heeseung : අපෝ හරි හරි හදලා දෙන්නම් වදේ ! ඉස්සරලා කිව්ව දේ කරහන්කො !!

ජන්ග්වොන් නිකීවත් එක්කන් එයාගෙ රූම් එකට ගිහින් හොඳටම දිය බා වෙලා හිටිය එයාව පිහදාලා එයාගෙ ඇඳුමකුත් දීලා පැත්තකට වුනේ නිකී චේන්ජ් කරන් ඉවර වෙනකන්.

කොහොමහරි එතකන් හීසුන්ග් කිචන් එකට ගියේ ජන්ග්වොන් කීව රාමෙන් එක හදන් එන්න.

Jungwon : නික්කෝ..! බලහ්න්කො උඹෙ නහයයි ඇස් දෙකයි කම්මුලුයි සේරම තක්කාලි පාට වෙලානෙ? මං ඇයි කියලා නම් අහ්න්නෑ.මොකද මම දැනටමත් ඒ දේ දන්නවා.

නිකී එක්කම ඇඳෙන් වාඩි වුන ජන්ග්වොන් නිකීගෙ තෙත කොන්ඩෙත් අවුස්සන ගමන් එහෙම කීවෙ ඒ වෙද්දි එයා නිකීගෙ මතකෙ කියවලා තිබුන නිසා.

Niki : ඒක කළේ උඹලා නෙවේද?

Jungwon : අනේහ්.. නෑ බං ! අපි කවදාවත් කාවවත් මරලා නෑ.මරන්නෙත් නෑ.උඹ දන්නැති වුනාට හ්‍යුනුයි මමයි ලේ බොන්නෙත් මාසෙකට එකපාරයි.ඒකත් කැළේ මැරිලා ඉන්න සත්තුන්ගෙන් විතරයි.මීට කලින් ඉඳන් අපි දැනන් හිටියා තමයි උඹලා වෘකයො කියන්න.ඒත්..

Chasing Scent Of You || Fantasy || ☑Where stories live. Discover now