#31-The War

40 12 122
                                    

ටේහ්‍යුනුයි බොම්ග්‍යුයි කියන්නෙ එයාලා ගොඩක් පොඩි කාලෙ ඉඳන්ම වගේ ෂිගේටා විලා එකේ හිටිය දෙන්නෙක් විදියට අනික් අයට වඩා එයාලා ෂිගේටා ෆැමිලි එක ගැන ගොඩක් හොඳට දැනගෙන හිටියා.

හරුඅලා මෙහෙට ආව මුල් කාලෙ ඉඳන්ම wizards' committee එකෙන් එයාලව මෙහෙට එවලා තිබුනෙ ඒ වෙද්දි එයාලා ට්‍රේනිස්ලා විදියට හිටිය නිසා.ඒත් බොහොම පොඩි කාලෙකින් එයාලා committee  මෙම්බර්ස්ලා දෙන්නෙක් වුණා.

ඒ කාලෙ ඉඳන්ම ඔය ඩබල මිස් ෂිගේටා එක්ක හිටියෙ තමන්ගෙම සහෝදරියක් වගේ.ටේහ්‍යුන් මේ වෙලාවෙදි එයාලට උදව් වෙන්න ආව හේතුවත් ඒකමයි.

ෂිගේටව ඇරෙස්ට් කරන්න එන්ට්‍රි එක දාලා තිබුනෙ ඇත්තටම යොන්ජුන් කියලා හිතුවට ඒ වැඩේ ඇත්තටම යොන්ජුන් කරපු දෙයක් නෙවෙයි.ඒක විසාඩ් කෙනෙක්ගෙම වැඩක්.

ඒ කෙනා ඒ වෙලාවෙදිත් මිස් ෂිගේටා එක්කමයි හිටියෙ.එයාට ඕනි වුනේ ෂිටේව හිරේ යවන්න නෙවෙයි.එයා ඒකෙන් බලාපොරොත්තු වුනේ ෂිගේටා විලා එකෙන් මේ ඉන්න අයව අයින් කරවන්න.

මොකද කීවොත් එයා දැනන් හිටියා ඉස්සරහට ලොකු කරදරයක් වෙන්නයි යන්නෙ කියලා.ඒ නිසා තමයි එයා මේ වගේ දෙයක් කළේ.ඒත් ටේහ්‍යුන්ලා හිතන විදියටම නම් ඒක කරපු කෙනාට තිබුනා පොඩ්ඩක් හරුඅලා ගැනත් හිතලා ඉන්න.

කොහොමහරි ඉතින් දැන් ටේහ්‍යුන් ආයෙම විලා එකට ඇවිත් ඉන්නෙ හරුඅලගෙ ආරක්ෂාව එයාට පැවරිලා තිබුනු වගකීමක් නිසා.

ඒ කාලෙ ඉඳන්ම ටේලයි එයාලයි අතරෙ කිසිම රහසක් තිබුනෙ නැති එකත් එයාලට මෙච්චර සමීප වෙන්න එක හේතුවක් වුණා.

කොහොමහරි රෑ වෙද්දි අර කට්ටියනම් කිව්වත් වගේ ගේමට බැස්සා.

එයාලා අර ක්‍යුන්ග්මින් කීව දිය ඇල්ල ළඟට ගියාම ඇත්තටම දිය ඇල්ල පිටිපස්සහ හැංගුණු ලොකු ගුහාවක දොරක් තිබුණා.

එතන ගාඩ්ස්ලා පේන්න හිටියෙ නැති නිසා මුලින්ම zero scentලගෙන් තුන් දෙනෙක් ඉස්සර වුනේ ආරක්ෂාව අංක එකට තියාගන්න ඕනි නිසා.

දොර ඇරගෙන ඇතුළට ගියාම තමයි එයාලව වැම්පයර් ගාඩ්ස්ලා දෙන්නෙක්ට අහු වුනේ.ඒත් ඒ නරියො තුන් දෙනාම ගොඩක් දක්ෂ විදියටම ඒ ගාඩ්ස්ලව ඉවරයක් කරලා දාලා ට්‍රිපල්ලට ඇතුළට යන්න පාර හදලා දුන්නෙ ඒ වෙද්දිත් ඒ ගුහාව අස්සෙ ලොකු ඝෝෂාවක් ඇහෙද්දිමයි.

Chasing Scent Of You || Fantasy || ☑Where stories live. Discover now