#9-Second War

24 10 43
                                    

මොනා නැතත් ඔය කුක්කා කියන වචනෙ ඇහුනම තමයි කේටයි යොන්ජුන්ටයි ගොඩක්ම තරහ යන්නෙ.ඒක නිසා දෙන්නම පිස්සු බල්ලො දෙන්නෙක් වගේ අර යකාගෙ ඇඟට කඩන් පැන්නෙ මේ පාර නම් ඇස් දෙකේ ඉඳන් හපලා කන්න බලාගෙන.

හිතුවත් වගේම යොන්ජුන් වූනොලගෙ අප්පගෙ වම් ඇහැ කඩාගෙන හපද්දි කේ දකුණු ඇහැ කඩලා ගත්තෙ ඒ වෙලාවෙ ඒ දෙන්නම එයාලගෙ සත්ව ස්වරූපවලින් හිටිය නිසා.

ඒත් ඇස් දෙක නෑ කියලා ඒ මිනිහා නම් සැලුනෙ නෑ.මොකද කීවොත් එයා දැන් demon කෙනෙක්නෙ.

මේ වැඩේ werewolfලටවත් vampiresලටවත් තනියම කරන්න පුළුවන් වැඩක් නෙවෙයි.

Hayate : හීසුන්ග් ! කිව්වම අහලා මෙතනින් පලයන්.අපි ආවෙ උඹෙ උදව්වට !

Geonu : හීසුන්ග් ! උඹ අහගෙනද ඉන්නෙ ??

Heeseung : යාහ්..! මගෙ ක්‍රිස්ටල් එක !!!!

ඒ වෙද්දි ගෝනුලා එකතු වෙලා හීසුන්ග්ව දම්වැල්වලින් ගලවගෙන හිටියත් ඒ වෙද්දි හීසුන්ග්ගෙ ඇඳුම්වල හැමතැනම ලේ ගෑවිලයි තිබුනෙ.ඒ වගේම මේ වෙද්දි යොන්ජුන්ගෙ සුදු පාට පඬි තිබුනෙත් රතුම රතු ලේවලින් රතු පාට වෙලා.

K : හීසුන්ග් පැත්තකට පලයන් !!

Heeseung : නෑ ! මුං සේරම එකතු වෙලා මගේ පවුලම විනාස කරලා දැම්මා ! මුං හිතන් ඉන්නෙ දැන් සේරම හරි කියලද දන්නෑ ! හොඳ හිතින් මට මගේ ක්‍රිස්ටල් ටික දියන්න්න්..!

දෙන්නෙක් මදිවට හීසුන්ග්නුත් අර රජාගෙ ඇඟට කඩන් පැන්නම එයාට නම් ගැළවිල්ලක් තිබුනෙ නෑ.ඒත් එතන එයාගෙ ආරක්ෂාවට ලක්ෂ ගාණක් demonsලා හිටියා.

Yuki : ගෝනු? හයාටෙ? අපිට මේක කරන්න බැරි වෙයි වගේ.. ඉක්මන් කරන්න.අපි ඉක්මනටම යන්න ඕනි මෙතනින් එලියට !!

Geonu : ඇල්ෆා !

Hayate : යොන්ජුන්..! ඔන්න ඕකව අතෑරලා දාලා වරෙන් ඉක්මනට !!

ඒ වෙලාවෙ යුකී එහෙම කීවෙ ඒ වෙද්දි එයාලට දරාගන්න බැරි තරම් demonsලා ගොඩක් එයාලා වටේට වටවෙලා හිටිය නිසා.

ඒත් ඉතින් යොන්ජුනුයි කේයි නම් මේ වෙද්දි හිටියෙ අර රජාගෙ කන් දෙක කඩාගෙන කන ගමන්.

Chasing Scent Of You || Fantasy || ☑Where stories live. Discover now