#23-The Secret Love

37 13 92
                                    

යූනා තට්ටු කරපු පාර ඇහැරුන වූනො ලොලිපොප් එක කටේ තියෙද්දිම ඇස් දෙකත් බාගෙට ඇරන් කීවෙ 'ඔම්මා' කියන වචනෙ.

Yoona : ම්..? වූනො-ආ..? සොරි ඩිස්ටර්බ් කළානම්.ඔයාට ඉක්කා වැටුන නිසා මම...අහ්..!

යූනා වාක්‍ය සම්පුර්ණ කරන්නත් කලින් වූනො යූනගෙ අතින් අල්ලලා ඒ අත තමන්ගෙ ඔළුවෙන් තියාගෙන ආයෙම නිදාගත්තෙ යූනා ආසම පැන්ඩෙක් වගේ.

Yoona : අහ්? යූනා? එයා මොකක් හරි ප්‍රශ්නෙකද..? මං දැන් මොකද්ද කරන්න ඕනි? යාහ්හ්.. මට නම් තේරෙන්නෙ නෑ අප්පා !

යූනා තනියම ඒ විදියට කල්පනා කළේ වූනොගෙ ඔළුවෙන් අත ගන්න හිතන්නෙවත් නැතුව.

Yoona : මම... මම මැජික් එකක් කරන්නද...? එහෙමත් නැත්තම් එයා ඇහැරෙනකන් බලන් ඉන්නද..? යාහ්.. යූනාහ්හ්.. මොකද්ද කරන්නෙ දැන්?

යූනා හිටියෙ කරන්න ඕනි මොනාද කියලා හිතාගන්නවත් බැරුව.කලබල වුන වෙලාවට යූනගෙ මූණ ගොඩක් රතු පාට වෙනවා.මේ වෙලාවෙත් ඉතින් යූනා රතු පාට රෝස මලක් වගේ රතු පාට වෙලයි හිටියෙ.

Woono : හ්ක්..(hiccuping)

*knock knock*

A man : වූනො සර් !

ඒත් එක්කම අර කලින් පාර ආවා වගේම ටයි කෝට් දාපු තඩි මනුස්සයො දෙන්නෙක් වූනොව හොයන් ඒ පංතියට ආවෙ යූනව තවත් රතු කරවගෙන.

Yoona : ඔ.. කව්ද ඔයාලා !? මොකද්ද ඔය කරන්නෙ?? එයාට ඉන්න දීලා යන්න මෙතනින් !!

යූනා එහෙම කීවෙ ඒ මිනිස්සු වූනො ළඟට එනවත් එක්කම වූනොගෙ ඉස්සරහින් හිටගන්න ගමන්.

ඒ වෙලාවෙ එයා එහෙම කීවෙ ඒ මිනිස්සු එන්නෙ හොඳකට නම් නෙවෙයි කියලා එයාට තේරුන නිසා.අනික යූනා කැමති වුනේ නෑ වූනොගෙ නින්ද කඩන්න.

Man 1 : ඔහ්.. මේ ගෑනු ළමයා මේ !! කට පරිස්සම් කරගත්තොත් හොඳයි ඉස්සරලම !

Man 2 : උඹට අපිව පේනවද එහෙනම්?? ඇයි උඹ මොනා කරන්නද අපිට? වදනොදී පැත්තකට වෙයන් පොඩි කෙල්ල !

එක මනුස්සයෙක් ඒ වෙලාවෙ යූනගෙ ඇඟට අත තියලා එයාව තල්ලු කරන්න ගිය වෙලේ යූනගෙ එක බැල්මකින්ම ඒ දෙන්නා පිච්චිලා අලු වෙලා හුළඟට ගහගෙන ගියේ යූනගෙ ඇතුළෙ හැංගිලා තිබුනු ශක්තියක් එලියට ගන්න ගමන්.

Chasing Scent Of You || Fantasy || ☑Where stories live. Discover now