#4-The Dark Night

27 12 47
                                    

බොම්ග්‍යුයි ලිඔයි ගිහින් ටික වෙලාවකින් ඩැනියල්ගෙ කටින් අප්පා කියන වචනෙ පිටවුනේ ටේහ්‍යුන්ගෙ හාට්බීට් එක පවා ගොඩක් වේගවත් කරගෙන.

Taehyun : ම්.. මොකක්? ඩැනී ! අ... ආයෙත් කියන්න පුළුවන් ද ඒක? තව එකම එක පාරක්...???

ටේ එහෙම කියන් ඩැනියල්ගෙ ඔළුව අතගෑවත් ඒ වෙලාවෙ ඩැනියල් හිටියෙ නිදාගෙන.ඒක නිසා ඒක හීනයක් වෙන්න ඇති කියලා හිතලා ටේ ආයෙම නින්දට ගියේ ඩැනීගෙ නළලට කිස් එකකුත් දීලමයි.

මේ වෙලාවෙ යොනුයි සූබිනුයි ට්‍රිප්ලට්ස්ලයි හිටියෙ හීසුන්ග්ලගෙ ගෙදරට ගිහින්.ඇත්තටම කීවොත් එයාලා එදා ග්‍රෑන්ඩ් ඩිනර් එකක් ලෑස්ති කළේ මෙයාලටම තමයි.

Yeon : වොනී,යූනා,යූනී ! තුන් දෙනාම පැත්තකට වෙලා ඉන්න.මේක ලොකු අයගෙ කතාවක් !

Heeseung : වූනො? හය දෙනත් එක්ක උඩට ගියා නම් නරකද?

Woono : හ්ම්.. ඕකේ හ්‍යුන්..!

ඒ වෙලාවෙ ඒ හැමෝම වගේ හිටියෙ සාලෙ මැද්දෙ තිබුනු දිග කෑම මේසෙ වටේටම වාඩි වෙලා සේරටම කලින් කෑම කාලා ඉවර කරන ගමන්.

එතන වැම්පයර්ස්ලා වෙනුවෙන් ලේවලින් හදපු බීම වර්ග වගේම ව්සාඩ්ස්ලා වෙනුවෙන් වෙජිටේරියන් කෑම වර්ගත් ගොඩක් තිබුනා.ඇත්තටම එතන හරියට ගොඩක් විශේෂ මීටින්ග් එකක් තියන්න ලෑස්ති කරපු තැනක් වගේ තමයි එදා ලෑස්ති කරලා තිබුනෙ.

කොහොමහරි ඉතින් කෑම කෑවයින් පස්සෙ පොඩි සෙට් එකව එයාලා එතනින් යැව්වෙ මීටින්ග් එක පටන් ගන්න ඕනි නිසා.

යොන් කීවත් වගේම මේක එයාලට අදාල නැති කතාවක් නිසා තමයි එයාලට එතනින් යන්න සිද්ධ වුනේ.

Yeon : ඉතින් හීසුන්ග්..?

Heeseung : මට ආරංචියි සිද්ධ වුන දේ ගැන.මම ඔයාලට අද මෙහෙට එන්න කීවෙත් ඒකමයි.උඹ දන්නවා ඇතිනෙ සූබින්?

Soobin : මොකක්?

Heeseung : වූනොලගෙ අප්පා තවම ජීවතුන් අතර ඉන්නවා.

Yeon : ම්.. මොකක්ක්ක්? ඒක වෙන්න බෑ !!

Heeseung : ඒ ගැන දැනට දන්නෙ මම විතරයි.මම දන්නෑ ඒක වුනේ කොහොමද කියන්න නම්.ඒත් මිනිහා දැන් මට තර්ජනය කරන්න පටන් අරගෙනයි තියෙන්නෙ.වූනොයි රුටොයි වෙනුවෙන් මම කොහොමහරි මේ මිනිහව ඉවරයක් කරලා දාන්න ඕනි.

Chasing Scent Of You || Fantasy || ☑Where stories live. Discover now