#14-It Isn't A Lie

35 14 45
                                    

ඒ ලියුම් කවරෙ ඇතුළෙ තිබුනෙ ඊජේගෙ මරණ සහතිකය.

ලියුම කඩලා ඒකෙ අස්සෙ තිබ්බ කොලේ අතට ගනිද්දි බොම්ග්‍යුගෙ අත වෙවුලන හැටි දැකපු ටේ ඒක එයාගෙන් උදුරලා ගත්තෙ ගොඩක් හිත හයිය කරගෙන.

කොහොමහරි ඒ වෙද්දි ඩැනීනම් බොම්ග්‍යුට තුරුල් වෙලා හොඳට නිදි.

Beomgyu : කොහෙද බොඩි එක?

Taehyun : සෙමෙටරි එකේ වළදැම්මා බං ! ඊජේ වෘකයෙක් හින්දා අවසන් කටයුතු කර කර ඉන්න වෙලා තිබ්බෙ නෑ.බොඩි එක වෙනස් වෙන්න කලින් මම වළදැම්ම නිසා හොඳයි.මරණ සහතිකේ එවන්නෙ ඇත්තෙ අපේ Wizards' committee එකෙන්.

Beomgyu : මට ආයෙම යන්න බෑ බං ! ඊජේ වෙනුවෙන් මම ලිඕවයි ඩැනීවයි බලාගන්නවා !! උඹට පුළුවන් ද තනියම ගිහින් එන්න?

Taehyun : යන්න නම් පුළුවන් බං ! ඒත් උඹව මේ තත්වෙන් තියලා මම කොහෙ යන්නද?? කමක් නෑ.අපිව මෙහෙට එවලා තියෙන්නෙ මේ දේවල් ගැන බලන්නනෙ? Committee එකේ අය ඕනි නම් මෙහෙට එයි.නැත්තම් අපිට මැසේජ් එකක් දෙයි.එතකන් ඉමු.

ඇත්තටම කීවොත් බොම්ග්‍යුයි ටේහ්‍යුනුයි සහෝදරයො වුනාට එයාලා මිනිස්සු නම් නෙවෙයි.එයාලා මායාකාරයොන්ගෙ ගමකින් ආව මායාකාරයෝ දෙන්නෙක්.

මේ ගැන යොන්ජුන් සූබින් වගේම කායිත් දැනුවත්.මෙයාලව මෙහෙට එවලා තිබුනෙ වැම්පයර්ස්ලා,වෘක මින්ස්සු අතරෙ වෙන ගැටලුකාරී තත්වයන්ගෙන් පීඩා විඳින මිනිස්සු වෙනුවෙන්.

ඒකයි එයාලා මිනිස්සු අතරෙම ඉන්නෙ.ඒ වගේම ඔය ඕනිම ජීවියෙක් අනික් අයගෙන් වෙන් කරලා අඳුන්ගන්න පුළුවන් ශක්තියක් එයාලා ළඟ තිබුනා.ඒත් ඒ ගැන අනික් අයට කියන එක එයාලට තහනම් දෙයක්.

Beomgyu : ඇත්තටම ඒක කළේ හීසුන්ග් ද?

Taehyun : වෙන්න බෑ බං ! ඌ හෙන සාධාරණව ජීවත් වෙන පොරක් කියලා අපි හොඳාකාරවම දන්නවනෙ? ඒත් ඌ ඇරෙන්න වෙන කව්ද ඉන්නෙ මේ වගේ වැඩක් කරන්න පුළුවන් ?

Beomgyu : ඒක තමයි මාත් බැලුවෙ.. මං හිතන්නේ....

Yeonjun : ඔහෝ.. මල්ලිලා වැඩ වගේ නේ??

ඒ දෙන්නගෙ කතාව මැද්දෙම යොන්ජුනුයි සූබිනුයිත් එහෙට ආවෙ වෙච්ච කිසි දෙයක් හරියට දන්නෙ නැතුව.

Chasing Scent Of You || Fantasy || ☑Where stories live. Discover now