#5-Find Her

26 12 34
                                    

මාකි කීව දේ ඇත්තක් වුනත් ඒ වෙලාවෙ එයාලා ඒ ගැන ගණන් නොගෙන හිටියෙ වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි.ඒ ඒක කීවම මාකිලා තවත් බය වෙන නිසා.

blood demons,රාක්ෂයො එහෙමත් නැත්තම් භූතයො කියන්නෙත් මීට කලින් හිටියා වගේම werewolf,vampire,wizards,hybrids,ghosts කියන හැම ජාතියක්ම එකතු වෙලා හැදුනු වෙනම සංවිධානයක්.

ඒ අතරින් werewolfලට තමයි wolf demonsලා කියලා කියන්නෙ.යොන්ලා හීසුන්ග් එක්ක කතා වුනෙත් ඒ ගැනම තමයි.එයාලා කීව විදියට නම් වූනොගෙයි හරුටොගෙයි අප්පා එහෙමත් නැත්තම් dark blood රජතුමා එදා වුන සිද්ධියෙදි මැරිලා තිබුනෙ නෑ.

කොටින්ම කීවොත් එයාගෙ ශරීරය කොටස්වලට වෙන් වුනත් මේ වෙද්දි ඒ කොටස් එකතු වෙලා අලුත් කෙනෙක් හැදිලයි හිටියෙ.එයා රජතුමා නිසා තමයි එයාගෙ පණ ඒ තරම් ශක්තිමත්.

කොහොමහරි අන්තිමට එයා dark blood කියන vampire රාජධානියෙන් අයින් වෙලා ගිහින් demonsලට එකතු වුනේ එතනදි එයාට හොඳ ආරක්ෂාවකුත් ලැබෙන නිසා.

මේ හැමෝම අතරින් ගත්තොත් demonsලා මුල ඉඳන්ම වෛරක්කාරයො වෙලා හිටියෙ විසාඩ්ල්සා එක්ක.මොකද කීවොත් මෙච්චර කාලෙකට දරුණු ජීවින් සේරම විනාශ කළේ ඔය කියන wizardsලා නිසා ඒ මැරුනු ගොඩක් අය දැන් demonsලා විදියට wizardsලා එක්ක ගොඩක් තරහෙන් තමයි හිටියෙ.

මොනා වුනත් ඔය ගැන මුල ඉඳන්ම දැනන් හිටියෙ දෙතුන් දෙනෙක් විතරයි.ඒ අතරට ටේහ්‍යුනුයි බොම්ග්‍යුයිත් ඇතුළත්.

මේ වෙද්දි හරුඅයි එයාගෙ නූනයි හිටියෙ නගෝයා වල තිබුනු හොස්පිට්ල් එකකට ගිහින් එයාලගෙ කාර් එකෙන් ආයෙම එයාලගෙ ගෙදරට යන ගමන්.

Harua : ඒක ඉක්මනට ඉවර වුනා නේද නූනා?

Hazuki : ඒකනෙ මම කීවෙ..? ඔයා බොරුවටනෙ බය වුනේ.. දැන් චුට්ටක්වත් රිදෙන්නෙ නෑ නේද?

Harua : හ්ම්.. ඒත් එක තැනක් විතරක් පොඩ්ඩක් රිදෙනවා.

Hazuki : ආ? කොතනද?? කෝ බලන්න..??

Harua : මෙන්න මෙතන...

ඒ වෙලාවෙ ඒ දෙන්නා හිටියෙ පිටි පස්සහ සීට් එකේ වාඩි වෙලා වුනාට දෙන්නා හිටියෙ වෙනදට වඩා ඈතින් වාඩි වෙලා.

Chasing Scent Of You || Fantasy || ☑Where stories live. Discover now