#18-Who Is That?

46 16 43
                                    

අන්තිමට ඉතින් හීසුන්ග් ජන්ග්වොන්වත් එක්කගෙන ආපහු පංතියට ගියේ කොල්ලා අඬලයි ඉන්නෙ කියලා අනික් අයට අඳුනගන්න බැරි වෙන්නම ඇස් දෙක හොඳට සුද්ද කරලා.

හැබැයි ඉතින් ඒ වෙලාවෙ යූනියි හරුටොයි යූනයි වූනොයි හතර දෙනා නම් හිටියෙ නෑ.

Wonie : ඔහ්.. ඔයා කොහෙද ගියේ එකපාරටම? මං ඒත් බැලුවා මම ඩෙස්ක් එකේ ඔළුව තියාගත්ත ටිකට මගෙ එහා පැත්තෙ හිටිය කෙනා කොහෙටද අතුරුදහන් වුනේ කියලා.

වොනී නින්දෙන් ඇහැරලා වගේ ඇහැකුත් මිරික මිරික එහෙම කීවෙ ඇත්තටම කෙල්ලට අර බාම් එකේ පිහිටෙන් හොඳට නින්ද ගිහින් තිබ්බ නිසා.

Heeseung : අහ්.. අන්න බලහන්කො වොනී? උඹ ගැන හොයන්න තව කෙනෙක් ඉන්නවනෙ මං ඇරෙන්න?? එහෙමත් තියන්ද උඹ අර ඇඬුවෙ බබා වගේ?

Jungwon : ෂ්.. දැන් මෙතනින් ගියොත් නරකද?

Heeseung : මං? මං කොහෙ යන්නද? හිටහන් නංගියව පොඩ්ඩක් අ‍‍ඳුනගන්නකන්.

ඒ වෙලාවෙ හීසුන්ග්නුත් ජන්ග්වොන් එක්ක ඒ පංතිය ඇතුළට ගියේ වොනීට කතා කරන්න බලන්.හැබැයි ඉතින් කොල්ලගෙ උස දැකලා වොනීට යන්න ගිය හච්චුමත් කොහෙදෝ යන්න ගියා.

Heeseung : හායි නංගි ! මොකෝ අහස කඩන් වැටිලා වගේ බලන්නෙ? මාව මතක නෑ? කට්ටියම එදා තෙමි තෙමී යද්දි කුඩේකුත් අරන් පස්සෙන් ආවෙ?

හීසුන්ග් හිනා වෙවී එහෙම කීවෙ ජන්ග්වොන් දොර ළඟට වෙලා බර කල්පනාවක ඉන්න වෙලේ.

Wonie : අහ්.. අර... එදා ආව ඔප්පා නේ? ඔ.. ඔයා..??

Heeseung : මගෙන් වැඩක් නෑ කෙල්ලෙ.. අර දොර ළඟ ඉන්න එකා පේනවා නේ? අන්න ඌව හොඳට බලාගන්න.එච්චරයි වෙන්න ඕනි..

හීසුන්ග් කියන්න ඕනි දේ කියලා ඉක්මනටම මාරු වුනේ දොර ළඟින්‍ යද්දි ජන්ග්වොන්ගෙ කොන්ඩෙත් අවුස්සගෙනමයි.

කොහොමහරි ඉතින් අර උදේම හච්චුං ඇර ඇරම කැන්ටින් යන්න කියලා ගිය නෝනයි මහත්තයයි නම් තවම පංතිය පැත්ත පලාතෙ ඇවිත් හිටියෙ නෑ.

ඒ වගේම තමයි අනික් ඩබලත්.ගියා ගියාමයි කොහෙ ගියාද දන්නෑ.

එදා නම් දවල් වෙද්දි වහින්න වගේ අහස කලු වෙලා තිබ්බට කට්ටිය ගෙවල්වලට යනකන්ම වැස්ස නම් පටන් ගත්තෙ නෑ.හැබැයි ඉතින් ගෙදරට ගියත් හරි ආයෙම ලොකු වැස්සක් වහින්න පටන් ගත්තෙ අකුණු පාරවල් ටිකකුත් එක්කමයි.

Chasing Scent Of You || Fantasy || ☑Where stories live. Discover now