chapter 2🦇️

394 90 29
                                    

ඒ මනුස්සයා ලගට ලන් උනු ජිමින් දැක්කෙ කටේ පැත්තකින් ලේ ගලාගෙන යන විදිහයී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒ මනුස්සයා ලගට ලන් උනු ජිමින් දැක්කෙ කටේ පැත්තකින් ලේ ගලාගෙන යන විදිහයී.

"ක් කවුද තමුන් අහ්!! මගෙ බැල්කනි එකේ තමුන් මොකද කරන්නෙ"

තිබ්බ ශක්තිය ඔක්කොම දලා ජිමින් කෑ ගහන්න ගත්තාත් අයෙම වෙව්ලන්න ගත්තෙ ඒ මනුස්සයා ටිකෙන් ටික ජිමින් පැත්තට එන්න ගත්තු නිසායි.

ඒ මනුස්සයා ලන් වෙන්න ලන් වෙන්න ජිමින් කරේ පස්සෙන් පස්සට ගියපු එකයී.. ජනෙලෙන් ගලාගෙන ආව සීතල නිසාද එහෙමත් නැත්තම් බයටද මන්ද කොල්ලා කිටි කිටියෙ වෙව්ලන ගමන් හිටියෙ..

තවත් පස්සට යන්න බැරි උනේ ජිමින් ගිහින් බිත්තියෙ වැදුනු නිසායී.. ජිමින් නතර උනත් අනිත් මනුස්සයාගෙනම් නතර වෙන පාටක් තිබුනේ නෑ.. බර අඩි තිය තියා ඒ මනුස්සයා ජිමින්ගෙ ලගටම ලන් උනේ ඒ මනුස්සයාගෙ හුස්ම ජිමින්ගේ මුනේ වැදෙද්දී..

දැනුනු බය නිසාම ජිමින් තදින් ඇස් පියා ගත්තේ අත් වලින් බිත්තිය තද කරලා අල්ල ගන්න ගමන්..

ඇස් තද කරන් පියාගෙන හිටපු ජිමින් කලබලෙන් ඇස් ඇරියේ බෙල්ලේ තැනක දැනූනු වේදනාව නිසායී.

"අහ්!! එහාට යනවාආ"

එක අතකින් බෙල්ලත් අල්ලගෙන අනිත් අතින් බෙල්ලට නැමිලා හිටපු මනුස්සයාව පස්සට තල්ලු කලා.. හිතුවේ නැති වෙලාවක ලැබුනු තල්ලු කිරිම නිසා ඒ මනුස්සයා ජිමින්ගෙන් ඇතට විසික් උනා.

බෙල්ලෙ අත තියාගෙන හිටපු ජිමින් ඒ අත මුන ඉස්සරහට ඇරන් ආවා.

"මොහ්.. තමුන් තමුන් මගේ බෙල්ල කෑවද"

අත් වල රැදිලා තිබුනු ලේ බින්දූ නිසා ජිමින් ඇස් දෙකත් ලොකූ කරගෙන තමන්ගෙ ඉස්සරහා කිසිම හගිමක් නැතුව බලාගෙන ඉන්න මනුස්සයාගෙන් ඇහුවා..

"හහ්.. ඔව් මං තමුසෙගෙ ලේ බීවා.. මොආ උනත් තමුන්ගෙ ලේ හරිම රසයී.. මං මෙච්චර කාලෙකට බීපු ලේ එක්ක බලද්දී"

ඒ මනුස්සයා ජිමින්ගෙ බෙඩ් එක උඩින් ඉදගෙන කට කොනේ නැගිනු හිනාවක් එක්ක ගැබුරු කටහඩින් ගියද්දී ජිමින්ගෙ ඇග දිගේ සීතලක් ගලන් ආවේ ඇයි කියලා එයාවත් දන්නේ නැතුව ඇති..

"තමුසේ කවුද අහ් මොකෙක්ද තමුසේ!!"

"මං ජියොන් ජන්කුක් "

"හහ්.. මොන කුක්කා උනත් මට වැඩක් නෑආආ පාඩුවේ මට ඉන්න දිලා යනවකො"

"මටත් පාඩුවේ ඉන්න තිබ්බා මගේ මේට් තමුසේ නොවුනනම් මටත් හිත ගන්න බෑ තමුසෙ වගේ මනුස්සයෙක් මොන මගුලට මගෙ මෙට් උනාද කියලා"

"මොන මගුලක්ද ඔයී කියවන්නේ මේ රෑ තිස්සේ මිනිස්සුනගෙ ගෙවල් අස්සට රින්ගලා.. හරි තමුන් වැම්පයර් කෙනෙක් ඔකේ.. දැන් මට පාඩුවෙ ඉන්න දිලා යනවාකො නිදා ගන්නවත් නෑ ඔයී මට සැනසිමේ"

ජිමින් ජන්කුක්ටයි බිත්තියටත් මැදි වෙලා නහයෙන් අඩන්න ගත්තේ එයාගෙ මේ වටිනා නින්ද කඩපු නිසායි.

කොල්ලා කලින් බය නොවුනා කියන්නත් බෑ වැම්පයර් කෙනෙක් කියද්දී, ඇස් දෙකෙන් දකිද්දී කොල්ලා බය උනා.. අනික දැන් චුට්ටකට කලින් එයාගෙ බෙල්ලත් කෑවා ම් මනුස්සයා.. එත් ජිමින් කියන්නේ නින්ද ආගමක් වගේ අදහන කෙනෙක් ඉතින් එයාට මොන මල යකා අවත් එයාගෙ නින්ද වටිනවා..

............................................................................

ඔන්න තවත් එකක් ඇරගෙන ආවා. 🤗

මොනා හරි කියන් යන්න ඉතින් නැත්තන් මට පාලුයී වගෙනෙ 🥲

❝𝙱𝚕𝚘𝚘𝚍 𝚋𝚒𝚝𝚎❞ (Jikook)✔Where stories live. Discover now