chapter 10🦇️

309 72 1
                                    

ටිකෙන් ටික හවස් වෙගෙන එද්දී ජිමින් හැදුවේ කොෆි ශොප් එකෙ ඉදන් ගෙදර යන්නයී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ටිකෙන් ටික හවස් වෙගෙන එද්දී ජිමින් හැදුවේ කොෆි ශොප් එකෙ ඉදන් ගෙදර යන්නයී.. අද එයා වෙනදට වඩා පරක්කුයී.. මොකද අද කොෆි ශොප් එක කාර්‍යබහුලා උනා වෙනදටත් වඩා.

වටපිටාව මදක් අදුර ගෙන තිබුනු නිසා ජිමින් කරේ ඉක්මනින් පය තියලා යන්න හැදුව එකයී..

"ඇයි මේ අද මට අමුත්තක් දැනෙන්නේ "

පාරත් වෙනදට වඩා පාලුවට ගිහින් තිබුනා වගෙම ජිමින්ගෙ හිතත් මොන හෙතුවක් නිසාද මන්ද නොසන්සුන් වෙලා තිබුනා..

වටපිටාව දිහා බලන්නවත් කරදර නොවුන ජිමින් ඉක්මනින් ඉක්මනින් ගෙදරට යන්න ගත්තෙ හිතෙ ඇවිලෙමින් තිබුනු නොසන්සුන් කමක් නිසාමයි.

ජන්කුක්ලාගෙ ගෙදර ඉස්සරහට ආපු ජිමින් හුස්මක් පාත දැම්මේ ඇයි කියලා එයාවත් දන්නේ නැතුව ඇති.. කොහොමත් ජන්කුක්ගෙ ගෙදර මේ වගෙ අදුරූ නිසා එක ගානකට නොගත් ජිමින් කිචන් එක පැත්තට අඩිය තිබ්බේ වතුර ටිකක් බොන්න කියලායි.

"අශ් මේ මොඩ වවුල් තඩියා ලයිට් එකක්වත් දලා නෑනෙ මොන මගුලක් කරනවාද මන්ද"

එත් ලයිට් එකක්වත් නොදා තිබුනු කිචන් එකට ඇතුලු උනු ජිමින් ජන්කුක්ට බැන බැනම ස්විච් එක හොයන්න ගත්තෙ විදුලු බල්බ දල්වලා තිබ්බෙ නැති නිසායි..

තමත් හරියට මේ ගෙදර පුරුදු නැති නිසා ජිමිනට උනේ බිත්ති අත ගගා ස්විච් එක හෙයන්නයි.

එත් එක පාරටම කිචන් කවුන්ටර් එක උඩින් හයියෙන් මොනා හරි දෙයක් තියනවා ඇහෙද්දී ජිමින් ගැස්සිලා ඒ පැත්ත බැලුවේ ටිකක් බයෙන්.

"ක්- කවුද ජ්ජන්කුක් ඔයාද මේ"

දැනුනු බය නිසාම කැඩු කැඩු වචන පිට කරපු ජිමින් හිමින් හිමින් ඒ පැත්තට අඩිය තිබ්බේ බයෙන්,නොසන්සුන්කමින්..

කිචන් කවුන්ටර් එක පැත්තට හිමින් ඇවිදගෙන ආවත් ජිමින් එක පාරටම ආපු ශක්තිමත් දෙයක් එයාව ඇදලා ඇරගෙන කවුන්ටර් එකට තද කර ගත්තේ ජිමින්ව ඔනවටත් වඩා බය කරලයී... බය උනු පාර අත් දෙකත් පපුව ලගට ගුලි කරගෙන ඇස් දෙක වහගෙනයි එයා හිටියෙ..

"අනේහ්... ක්-ක්වුද ඕයා"

"බෙබී..."

බයෙන් බයෙන් වචන පැටලි පැටලි ජිමින් අහද්දී කෙනෙක්ගෙ හුස්ම ජිමින්ගෙ බෙල්ලට දැනුනා වගෙම ඊලග තප්පරේ ජිමින්ගෙ කනට ගැබුරු කට හඬක් ඇහුනේ ඇගේ අමුතු හිරීයක් ගලාගෙන යද්දීයි..

"ජ්-ජන්කුක්"

ඒ කටහඩ ජන්කුක්ගෙ කියලා තෙරුනාම ජිමින් කරේ බයෙන් බයෙන් ඇස් ඇරපු එකයි. තමත් මුලූ ගෙදරම කලුවරේ නිසා ජිමින්ට හරියට දෙයක් නොපෙනුනත්.. ජනෙලෙන් ගලාගෙන ආව හද එලිය නිසා තමන්ගේ ළඟින් ඉන්න ජන්කුක් මුන අපහැදිලිව උනත් එයාට පෙනුනා..

තව තවත් ජිමින් ජන්කුක්ටයි කිචන් කවුන්ටර් එකටයි තද වෙද්දී.. ජන්කුක්ගෙ අත් ජිමින්ගෙ ඉන වටේ තද වෙද්දී... ජන්කුක්ගෙ උනුසුම් හුස්ම ජිමින්ගෙ බෙල්ලට දැනෙද්දී... ජිමින්ගෙ ඇස් පිය උනේ ඉබෙමයී..

❝𝙱𝚕𝚘𝚘𝚍 𝚋𝚒𝚝𝚎❞ (Jikook)✔Where stories live. Discover now