chapter 8🦇️

319 75 4
                                    

ජිමින් සරල ඇදුමකුත් ඇදගෙන පල්ලෙහාට ආවේ කොහ හරි යන්න වගෙ

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

ජිමින් සරල ඇදුමකුත් ඇදගෙන පල්ලෙහාට ආවේ කොහ හරි යන්න වගෙ..

ජන්කුක් ඉන්නවාද නැද්ද කියලා එයාට ගනක් තිබ්බෙ නෑ ඉතින් එයා අතේ තිබුනු කැප් එකත් ඔලුවට දගන්න ගමන් ගෙදරින් එලියට බැස්සේ උඩ තට්ටුවේ බැල්කනි එකට වෙලා රතු උනු ඇස් වලින් එයා දිහා කෙනෙක් බලගෙන ඉන්නවා නොදැනයි.

........

ජන්කුක්ගෙ අත් තව තවත් බැල්කනි එකේ වැටට තද උනේ ඇයි කියලා එයාවත් නොදන්නවා ඇති.. එයාගෙ ඇස් රතු පාටින් දිලිසෙන්න ඇති.. දිවෙන් කම්මුලේ ඇතුල් පැත්ත තෙරපන ගමන් එයා බලාගෙන හිටියෙ ජිමින් ගෙදරින් එලියට යන දිහා..

"එයා කොහොමද මගෙන් අහන්නෙවත් නැතුව හිතුනු හිතුනු වෙලාවට ගෙදරින් එලියට යන්නේ"

තරහෙන් ගොරවන ගමන් ජන්කුක් මිමිනුවේ ගිනි ගන්න ඇස් වලින් ජිමින් නොපෙනී යනකන් බලාගෙනයි.

එත් එක්කම වේගෙන එතනින් අතුරුදහන් උනා එයා..

හිමින් හිමින් ජිමින් එයා වැඩ කරන කැෆෙ එක පැත්තට යන්න ගත්තෙ අමුතු සැහැල්ලුවක් හිතට දැනෙද්දී.. එයට ඔනේ මේ විකාර දෙවල් වලින් නිදහස් වෙලා කලින්න් හිටපු සරල ජිවිතෙට දුවන්නයි..

සින්දුවකුත් ජිමින් තොල් අතරින් එලියට එද්දී ජිමින් වටපිටාව බලන ගමන් ඉස්සරහට ඇවිදගෙන ගියා..

"හායී ජිමිනී.."

එත් එක්ක ජිමින්ට ඇහුනු කටහඩ පැත්ත බලද්දී එයා දැක්කේ එයගෙ හොදම යාලුවෙක් උනු මින්හොවයි..

ඇස් ගිලෙන්නම හිනාවක් මුනේ පුරවගත්තු ජිමින් එහෙමම දූවගෙන ගියේ මින්හො ඉන්න පැත්තටයි..

දූවගෙන මින්හො ඉන්න පැත්තට යද්දී මින්හො අත් දෙක ඇත් කරේ ජිමින් මින්හොව වැලදගනිද්දී..

"ඔහ් ජිම්නී... මට ඔයාව මේ දවස් දෙක තුනට මිස් උනනේ... එකයි මං ගමේ ගිහින් ආව ගමන්ම ඔයාව බලන්න ආවේ."

"මින්හො හියුන්ගී... මටත් මිස් උනා ඔයාව "

ජිමින් මින්හොගෙන් ඇත් උනේ හරි සතුටකින්.. ජිමින්ට මින්හොව යාලුවෙක් හියුන් කෙනෙක් උනත් මින්හොට එක එහෙම උනේ නෑ.. එයාගෙ හිතෙ ජිමින් ගැන යාලුකමට එහා ගියපු හැගිමක් තිබුනා.. එත් එක එයා ජිමින්ට කියන්න ගියෙ නෑ.. අනික එක ජිමින්ට තෙරුනේත් නෑ..

එත් මෙයලා දිහා බලාගෙන හිටපු කෙනෙක්ටනම් හොදටම තෙරුනා ජිමින් වෙනුවෙන් මින්හොගේ ඇස් වල ලියවිලා තියෙන හැගිම.. ඉතින් එයාගෙ ඇස් තරහෙන් රතු උනේ හරි ඉක්මනින්..

 ඉතින් එයාගෙ ඇස් තරහෙන් රතු උනේ හරි ඉක්මනින්

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.
❝𝙱𝚕𝚘𝚘𝚍 𝚋𝚒𝚝𝚎❞ (Jikook)✔Donde viven las historias. Descúbrelo ahora