• ෆැශන් සෙන්ස්

193 48 48
                                    

• Balenciaga Daddy : Ex Wife
.
.
.
.
.
.
.



ජිමින් ජොන්කුක් ටේහ්‍යුන් තුන්දෙනා හිටියේ ඔ'ටෙගාටම අයිති ශොපින් මෝල් එකක. හෙට තියන ඔ'ටෙගාගෙයි.. නම්ජුන්ගෙයි වෙඩින් එකට ඩසයින් කරවපු එයාලාගේ සූට් ටික අරගෙන අමතරව ශොපින් කරන්නයි එයාලා හිතන් ඉන්නේ. එලිවේටර් එකේ ආපු එයාලා නතර වුනේ හත්වෙනි ෆ්ලෝ එකේ තියන සෙලීන් ⁣ශොප් එකෙන්.



" ඕ..එම්.. ජි... අර ලෙස්ටර් නේ.. "

එලිවේටර් එකෙන් එළියට ආපු ගමන්ම ජොන්කුක් කිව්වේ එයාලට අඩි කිහිපයක් ඉස්සරහින් හිටපු කපල් එක දැකලා. කපල්.. එක නම්ජුන් ඔ'ටෙගා වෙන්න ඕන උනත් එතන හිටියේ වෙන ලේඩි කෙනෙක්. එයා නම්ජුන්ගේ අතේ එල්ලිලා හිටියේ. එයාලාට පිටිපස්සේ ගාඩ්ස්ලා තුන්දෙනෙක් එයාලාගේ ශොපින් බෑග්ස් උස්සගෙන හිටියා.

" ටිකක් දැකලා පුරැදුයි... වගේ.. "

" ම්මම.... "

ජිමින් කියද්දි ඔලුව වනලා ඒකට එකඟ වුන ටේහ්‍යුන් ඇස් හීනි කරලා ඒ ලේඩි දිහා බැලුවා. ලයිට් පින්ක් කලර් ඩ්‍රෙස් එකක් ඇදලා හිටපු ලේඩිට සාමාන්‍යයෙන් අවුරැදු තිහක වගේ පෙනුමක් තිබුනා. එයාගේ ඇඟ ඕනාවටත් වඩා හැඩයි ව⁣ගේම එයා ඇදන් හිටපු ඩ්‍රෙස් එකෙන් ඒක හොඳට පෙනුනා.

" ඕප්ස්... අන්න.. සොක්ජින්.. මේ පැත්තට එනවා.. "

ජොන්කුක් කිව්වේ අනිත් දෙන්නාගෙත් අවධානේ ගාඩ්ස්ලා එක්ක ඇවිදන් එන සොක්ජින් දිහාවට හරවලා.

" හරි... නේ.. ඒ ඩොරති.. ⁣ට්‍රිවෝන්ගේ එක්ස්වයිෆ්...!!! "

" යූ... මීන්.. කැමීලියා ඩොරති.. අර රන්වේ මොඩ්ල්..."

ජිමින් කැමිලියා ඩොරති ගැන කියද්දි ටේහ්‍යුන් ඇස් ⁣දෙකත් ලොකු කරගෙන එයාලා දිහා බැලුවා.

" දැන් එතකොට සොක්ජින්ගේ එක්ස්වයිෆ් එක්ක නම්ජුන් මොකද.. කරන්නේ.. සොක්ජින් නම් ඔ'ටෙගාගේ.. වෙඩින් ඩ්‍රෙස් එක අරන් යන්න ඇවිත් වගේ.. "

ජොන්කුක් කිව්වේ සොක්ජින්ට පිටිපස්සෙන් හිටපු ගාඩ්ස්ලා අතේ තිබුන සුදු පාට ඩ්‍රෙස් එක දිහාත් බලලා. එයාලා තුන්දෙනාම අඩි දෙකතුනක් ළං වෙලා මේ දිහා බලන් හිටියා.




TYCOONS IN PLAY || OT7 || COMPLETEDUnde poveștirile trăiesc. Descoperă acum