• ලූසර්ස්

174 40 83
                                    

• Rich-Ass-Brats : They Fucked Up
.
.
.
.
.
.
.




හදිසියේම නින්දෙන් නැගිට්ට පෙනුමක් තිබ්බ ජොන්කුක් වගේම ජිමින් ටේහ්‍යුන්ගේ රූම් එක පැත්තට ආවේ කලබලකාරි වේගයකින්. එයාලාගේ මුහුණේ ඇදිලා තිබුනේ කවමදාකවත් අත්නොවිදපු නරක දේකට මුණ දුන්නම ඇති වෙන පෙනුමක්.


" ටේහ්‍යුන්..කිම් ටේහ්‍යුන් නැගිටපන්.."


⁣කඩාගෙන බිදගෙන වගේ ටේහ්‍යුන්ගේ රූම්⁣ එකට ඇතුල් වුන ජිමින්ගේ වගේම ජොන්කුක්ගේ මූණේ තිබුනේ සියුම් කේන්තියක් වගේම බලාපොරොත්තු නැති වෙලා ගිය පෙනුමක්. බෙඩ් එක උඩ මුනින් අතට පෙරළිලා නිදාගෙන හිටපු ටේහ්‍යුන්ව ආවේගකාරි විදියට ජිමින් ඇහැරවන්න පටන් ගත්තා. ඒ අතරේ ජොන්කුක් ටේහ්‍යුන්ගේ මුලු රූම් එක පුරාම ඇස් අරන් යන ගමන් ඇවිද්දා. බාත්රූම් එකට එහා පැත්තේ තිබුන ක්ලෝසට් එක අස්සෙන් තිබුන දොර ඇරගෙන ජොන්කුක් ලොකර් රූම් එකට ගියා.

එයාලාගේ රූම්ස්වල වගේම මැන්ශන් එකෙත් මේ වගේ ලොකර් රූම්ස් තියනවා. බැන්ක් එකට නොදාපු එයාලගේ අතේ ගැවසෙන සල්ලි මිටි ගණන්... හිතාගන්නවත් බැරි තරම් වටින ජූලරීස්.. වැදගත් ඩොකියුමන්ට්ස්.. මිලාධික විසිතුරැ බඩු.. වගේ දේවල් එයාලා ඒ ලොකර් රූම්ස්වල තිබ්බේ ලොකු සෙකියුරිටි කන්ඩිශන්ස් එක්ක. පාස්වර්ඩ්ස් වගේම ඒවා ඇරැනේ එයාලගේ බයෝලොජි ස්කෑන්වලින්. ටේහ්‍යුන්ගේ ලොකර් රූම් එකේ දැනටමත් ඇරලා දාලා ඔහේ තියන දොර දකිද්දි ජොන්කුක් ඇස් දෙක වහගෙන එයාගේ බෙල්ල දෙපැත්තට කඩා ගත්තා. එයා හිතපු විදියටම ටේහ්‍යුන්ගේ බිලියන ගානක් වටින ඩයමන්ඩ්ස් කේසස් එක්කම ලොකර් රූම් එකේ තිබුන අරගෙන යන්න පුලුවන් පොඩි පොඩි දේවල් අතුරැදහන් වෙලා තිබුනා.



" ජොන්කුක්.. මොකද...? "



ටේහ්‍යුන්ව ඇහැරපු ජිමින් ඒ පැත්තට එද්දි ජොන්කුක් ක්ලොසෙට් එකෙන් මෙහාට උනේ එයාගේ හකු එකිනෙකට තද කරගන්න ගමන්.


" ෆකින් ශිට්.. දැට් බිච් ඊස් අ ස්කැමර්...!!! "



ජොන්කුක් ගෙරෙව්වේ ළඟ තිබුන වාස් එකක් බිත්තියේ ගහන ගමන්. ජිමින් දත් එකට තෙරපන ගමන් ලොකර් රූම් එකට එබෙද්දි ටේහ්‍යුන් තවමත් වෙන දෙයක් හිතාගන්න බැරැව ඒ පැත්තට ආවේ ජොන්කුක්ගේ සද්දේ නිසයි.


TYCOONS IN PLAY || OT7 || COMPLETEDWhere stories live. Discover now