• ටෝකියෝ

149 42 49
                                    

• Foxy Crook : Hacker is in Tokyo
.
.
.
.
.
.
.





ටෝකියෝව කියන්නේ ජපානයේ අග නගරය. මේ දවස්වල ටෝකියෝවල ටිකක් වැඩි උෂ්ණත්වයක් රැදිලා තිබුනා. නවීකරණය වුන දියුණු ටෝකියෝ්ව මැද ටෝකියෝ ස්කයිට්‍රී එක උසින් වැඩිම විදියට කැපිලා පෙනුනා. ටෝකියෝවේ තියන තරු පහේ පන්තියේ හෝටෙල් අතරින් පරණ වගේම හොඳ නමක් තියන ඩයිඉචි⁣ රැෆ්ටොප් එකේ ඉන්න ඕනම කෙනෙක්ට ටෝකියොව මොන තරම් කාර්‍යබහුල නගරයක් ද කියලා පෙනේවි.

වෙනදා වගේම ඩයිඉචි රැෆ්ටොප් එකේ ඩිජේ ප්ලේ එකක් වගේම කූල් බෙවරේජස් එක්ක ස්වීට්ස් ඇන්ඩ් ස්පයිසි ෆුඩ්ස් තියන ඩේ පාටි එකක් තිබුනා. රැෆ්ටොප් එ⁣කේ එක පැත්තක පූල් පාටි එක ඇරෙන්ජ් වෙලා තිබුනා. එතනට ඇවිත් හිටපු හැමකෙනෙක්ම ටෝකියො ඉර එළිය යට ඒ මොහොත එන්ජෝයි කලා. හවස තුනට කිට්ටු කරලා තිබුන නිසා වැඩි රස්නයක් එතන තිබුනේ නැහැ වගේම එතන තිබුන වතාවරණය එක්ක කිසි කෙනෙක්ට ඒ ගැන ගානක් තිබුනේ නැහැ.

හැබැයි මේ අය අතරින් වෙන්වුන සුදුමැලි හමක් තිබුන තරැණයෙක් බැහැගෙන යන්න හදන ඉර එළියෙන් මුවා වෙලා හෙවනක් අතර වීදුරැ අත් වැටට බර වෙලා හිටියා. එයා හිටපු තැනට තට්ටු තිහක් පහළින් ටෝකියෝවේ ප්‍රධාන මාර්ගයක් එක එක වර්ගයේ වාහන එක්ක කාර්‍යබහුල වෙලා තිබුනා. එතකොට එයාගේ ඇස් ඉස්සරහා තිබුනේ ටෝකියෝවේ ධනවත්ම පවුල්වල සුඛෝපභෝගී ජීවිත ගත කරන තරැණ කොල්ලො කෙල්ලන්ගේ විනෝදකාමි තවත් එක මොහොතක්. ටෙකීලා විදුරැවලින් මත් වෙලා හිටපු මේ අය පිට්බුල්ගේ රිමික්ස් සොන්ග් එකකට වයිබ් උනා.

සුදුමැලි පාට තරැණයා වයින් ග්ලාස් එකක් අතේ තියාගෙන මේ දිහා බලන් හිටියේ කම්මැලිකමෙන්. කරන්න වැඩක් නැතිකමට මෙතන හිටිය එයා ඇස් දෙක ඇරගෙන හිටියේ පුදුම කම්මැලිකමකින්. තවත් ඉන්න එක තේරැමක් නැහැයි කියලා තේරැම් ගත්ත තරැණයා ලෑස්ති උනේ එතනින් යන්න. ඒත් එයාට ඇහුනේ සුපුරුදු හඬක් එක්ක එයා දිහාවට ඇවිදන් ආව සුපුරැදු රැවක්. තරැණයාගේ තොල් අඟට හිනාවක් ආවා.


" අයි මිස් යූ බේබි..."



" අයි මිස් යූ ටු ලව්... "



TYCOONS IN PLAY || OT7 || COMPLETEDWhere stories live. Discover now