• පාට්නර්ස්

196 46 18
                                    


• Balenciaga Daddy : Enemies to Friends
.
.
.
.
.
.
.




නිදාගෙන හිටපු ටේහ්‍යුන් එයාගේ ඇස් ඇරියේ කම්මැලිකමේ. විනාඩි දෙක තුනක් එහෙම හිටිය එයා බෙඩ් එකෙන් නැගිටලා තැන තැන විසිරිලා තිබුන එයාගේ ඇඳුම් හොයාගෙන ඇදගන්න පටන් ගත්තා. ඇඳුම් ඇදලා ඇගේ හිරි ඇරගත්ත ටේහ්‍යුන් වොශ් රෑම් එකට ගිහින් මූණ හෝදගත්තා. ටේහ්‍යුන් රෑම් එකෙන් එළියට ආවේ තවමත් බෙඩ් එක උඩ නිරැවතින් නිදාගෙන හිටපු කෙල්ල දිහා හැරිලාවත් නොබලමයි. එළියට ආපු ටේහ්‍යුන් ළඟ තිබුනු රෑම් එක ඇරලා ඇතුළට ගියා.

ජිමින් හිටියේ බොක්සර් එකක් පිටින් බෙඩ් එකේ ඔහේ දිගාවෙලා. එයාට එහාපැත්තේ හිටපු කෙල්ල නම් ටේහ්‍යුන් රෑම් එකට ආව ගමන් නැගිට්ටා. කෙල්ල එයාගේ ඇඳුම් හොයන් ඇදගන්න අතරේ ටේහ්‍යුන් ජිමින්ට පයින් පාරවල් කිහිපයක් ගහලා එයාව ඇහැරැවා.


" නැගිටපන්...!!! "

"නැගිටලා ඇදගනින්.. මම ⁣ජොන්කුකාව හොයන් එන්නම්.."


ටේහ්‍යුන් නිසා නැගිට්ට ජිමින් බෙඩ් එක උඩ ඉදගනිද්දි ටේහ්‍යුන් රෑම් එකෙන් ගියේ ජොන්කුක්ව හොයන්න. ජිමින් ඇදගෙන එළියට එද්දි ටේහ්‍යුන් ජොන්කුක් එක්ක ඒ දිහාවට එන ගමන් හිටියා. එයාලා තුන්දෙනා තවමත් හිටියේ නිදිමතේ. ක්ලබ් එකේ රෑම් ඇතුලේ ඉන්න වැඩි ආසාවක් නැති නිසා එයාලට ඕන උනේ ඉක්මනින් මැන්ශන් එකට යන්න.

" ට්‍රිවොන්...? "



⁣ජිමින් කියනවත් එක්කම එයාලා තුන්දෙනාගෙම ඇස් ගියේ ඉස්සරහින් ඇවිදගෙන ආව සොක්ජින් ගාව. එයාලා සොක්ජින්ව දැක්කට සොක්ජින් එයාලව දැක්ක බවක් තිබුනේ නැහැ. සොක්ජින් දකුණු පැත්තේ රෑම් එකක් ඇතුළට ගියේ කී කාඩ් එකක් දොර ඇරලයි.




" ගුඩ්මෝනීන් ලෙස්ටර්.. ග්ලෝඅප් එකෙන් පේනවා හනීමූන් එක කොච්චර හොදට තිබිලද කියලා...!! "



සොක්ජින්ගේ අවඥාව පිරැනු හඬ ඇහෙද්දි ඉක්මනින් අංක විසිඑක ගහලා තිබුන රෑම් එකට ළං වුනා. දොර ඇරිලා තිබුන නිසා ජිමින් ජොන්කුක් ටේහ්‍යුන් තුන්දෙනාට ඇතුලේ වෙනදේවල් හොඳින්ම පෙනුනා වගේම ඇහුනා.




TYCOONS IN PLAY || OT7 || COMPLETEDOnde histórias criam vida. Descubra agora